- 20 -

425 64 23
                                    





හිරුගේ නැගීමක් සදුගේ බැසීමක් නොදැක කාලය ඔහේ ගලා ගියේය. වෛද්‍ය මිසුශිමාගේ ශල්‍ය මේසය මත රෙන් අවදි වූ කීවෙනි වතාවදැයි ඔහු නොදැන සිටියේය.

ප්‍රථම ශල්‍යකර්මයෙන් පසු රෙන් මාරු කරන ලද රෝහල් කුටියේ තනි සුදු පැහැය දෙස බලාගෙන ඔහු පැය ගණන් සිතිවිලිවලින් තොරව ගත කළේය. එහි සුපිරිසිදුබව මානසික ආතතිය ඇති කළේය. මළකුනු හා සැරව ද බෙහෙත් ද ගදට හුරුව සිටි ඔහු දැන් නවතම වෛද්‍ය උපකරණවල අලුත්, මිල අධික සුවදට හුරු විය යුතුව තිබුණි.

පළායාමට උත්සහ කිරීමටත් කෝලහාල කිරීමටත් උවමනා වුවත් උදරය පෙදෙසෙහි වූ අලුත් ශල්‍ය කැපුම් තුවාල ඔහු එකතැන බැද දැමුවේ සෙලවිය නොහැකි තරම් ඔහු බියවද්දමිනි. වේදනානාශක ඖෂධ ලබා දී තිබුණ ද උදරය මත ඇති කැපුම්වල මැසුම් කැඩේයැයි බියෙන් ඔහු සෙලවීම ද ප්‍රතික්ෂේප කළේය. කැනියුලාව ඇති අත වේදනා දුන්නේය. වෛද්‍යවරයා නිතර පැමිණ ඊට විවිධාකාර ඖෂධ එන්නත් කරන විට පමණක් ඔහු මදක් අත සෙලවූවේය. ඔහුගේ අතපය තෙත් රෙදි කඩකින් පිසදැමීමටත් කැවීමට පෙවීමට හා පිරිසිදු කිරීමටත් සාත්තු සේවකයෙකු ඉදහිට කුටියට ආවේය. ඒ හැර ඔහු මිනිස් පුලුටක් දුටුවේ කලාතුරකිනි.



" Ren.. my boy. How are you feeling today? " ( "රෙන්, මගෙ කොල්ලා. කොහොමද අද සැපසනීප ? " ) උග්‍ර ජපන් කතන විලාශය කැටි වූ ඉංග්‍රීසි වදන්වලට ප්‍රතිචාරයක් නොලැබුණි. නිතර යන්තම් බොදව ගිය දෙනෙත වැඩිමල් මිනිසා දෙස ඔහේ බලා සිටියේය.


" Are you bored? " ( " කම්මැලි ද මෙහෙම ඉන්න එක ? " )

සුපුරුදු ප්‍රතිචාරය එසේම විය.

" You are a healthy boy. Last one barely made it through the first three Surgeries. You are making otou-chan proud. I feel like you deserve a reward. " ( " රෙන් හෙල්දි කොල්ලෙක් නෙ. කලින් කෙනා පළවෙනි සර්ජරි තුනෙන් මැරිලා ගොඩ ආවෙ. මට ආඩම්බරයි මගෙ කොල්ලා ගැන. මොනාහරි දෙන්න වෙයි වගේ.. " )


" L-let me go. " ( " යන්න ද්-දෙන්න මට " )



" Drink the potion first.. " ( " මේක බීලා ඉමු " )

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now