- 37 -

349 64 23
                                    




       " අර වැඩේ දැන් කොහොමද හේමන්ත.? ප්‍රොග්‍රෙස් එකක් තියෙනවද?.. "

      " තව සති දෙකකින් ආය ට්‍රයි කරන්න ඉන්නෙ ඇමතිතුමා. පොඩි එකා උස්සන එක තමයි දැනට තියෙන ගේම.. "

     " පැලක ඉන්න වයසක මිනිස්සු දෙන්නෙක්ගෙන් පොඩි එකෙක් උස්සන එකත් ගේමක්ද ඕයි? "

       " කොල්ලා පස්සෙන් නිතරම අර අසිපත් කැරකෙනවා. අනික.. ඔය කොල්ලව වැඩේට සෙට් වෙයි කියලා ශුවර්ද ඇමතිතුමා? අම්මා අමා වුණාට අප්පා මොකාද කියලා ඒකිවත් දන්නවද කවුද දන්නෙ? "

    " ඒකි නොදන්නවා වුණාට මං දන්නවනෙ ඕයි. කිව්ව විදියට වැඩේ කරපං. පොඩි බේබි එයාගෙ කොටස ගාණට කරනවා. තොපේ තමා තාම පමාව තියෙන්නෙ. "

       වැඩිමල් පුතු කාර්‍යාල කාමරයේ දොර අසලින් පෙනෙන විට ඇමති සිය සේවකයාට පිටව යන ලෙස අතින් සන් කළේය.



♡♡♡♡♡♡♡♡♡♡♡♡



       " කොල්ලට උණ අඩුද අමා කෙල්ලෙ දැන්? "

" ඔය ඉන්නෙ හේමා නැන්දා.. නින්ද ගිහින් ඇති.. "

      ඔතාගෙන ආ ලෙමන්පෆ් පැකැට්ටුව මැදිවිය කත අතේ තැබූ ඈ ගෙපිලට ගොඩ වී නෙලුම්ගේ මුහුණ දෙස බලා හීල්ලුවාය. " මයෙ අප්පේ පව්. "

       " උට දැන් අමාරුවක් නෑ නැන්දා. ඇගපත අමාරුව තියෙන්නෙ. පෙරේත ආත්මයක් නෙ එලෙව්වෙ. "

      " ....... " මහලු කත උස බංකුව මත වාඩි ගෙන බුලත් කොලේකට ලියූ පුවක් ඇබින්දක් ඔතා හක්කේ ඔබාගත්තාය.

     " කහට ටිකක් බොන්නැද්ද , ආපු වෙලේම විට කටේ පුරවගත්තෙ.. "

   " මං අපේ හීං එකී රොටියක් පුච්චලා තිබ්බා ඒක කොච්චි සම්බෝලයක් එක්ක කාලා,  කහට ඩිංගක් බීපු ගමන මේ ආවෙ. ආය ඕන්නැති කහටක් නෑ කෙල්ලෙ. මොකද්ද ඉස්ටැයිල් කෑමක් හදන්ඩ ගිහින් ඒකිට වැරදිලා, ඒ ගමන අනපු පිටි ටිකේ රොටී පුච්චලා. " ඈ උස් හඩින් සිනාසුණාය.

     " කවුද, නාමලී අක්කගෙ පොඩි එකීද?.. "

  " ඔව් ඔව්.. ඒකි තමා. "

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now