- 55 -

297 40 5
                                    

ලිව්ව පලියට එක දවසෙම පබ්ලිශ් කරල අලුත් එකක් ලියල තියාගන්න වෙලාව හදාගන්නෙත් නැතුව මෝඩකම් කරාට.. පස්සෙ ස්ලෝ අප්ඩේට්ස් කියල මගෙ පලු අරින්න නම් ඔට්ටු නෑ හරිද 🥺👉👈

°°°°°°°°°°



අතහැර දැමුණු නැටුම් කාමරය පිටුපසට පිට දී උන් අකේන් අඩි හඩට තිගැස්සුණේ නැත. ඈත කදුවැටිය වසා සිටි මීදුම් පටලය හරහා දකින්නට තැත් කරමින් ලොකු කල්පනාවක සිටියේය.

     " අකේන් අයියා.. "

" ඒශ්.. කෝ නෙලුම්.. "

" නෙලුම් ක්ලාස් එකෙ ඇති. ඇයි මොකද්ද දැන් වෙලා තියෙන්නෙ.. ?"

     " ........... " කතා කරන්නට තොල් විවර කර නැවත වසාගත් අකේන්‍ය නැවත වරක් වටපිටාව පරීක්ෂා කළේය. ඒශ්වර්ගේ උරහිස් වටා අතක් පටලවා ඔහු තව මද දුරක් ඈතට ඇදගෙන ගියේය.

      " ඒශ්.. අභිලාශ්ව මාසෙක විතර ඉදන් දකින්න නෑ. මට දීපු ෆෝන් එකට ආය කෝල් ගත්තෙත් නෑ... "

       " අභිලාශ් .... ?"

" ඇමතිගෙ කොල්ලා.. "

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें