04 🥀

232 24 2
                                    


" අයියේ!!! මන් දොර ඇරගෙන ඇතුළට එනවා!! ඔයා දොර අරිනවද නැද්ද.....මට අහගන්න ඕන මේ ගාණ හදන හැටි විතරයි!! "

තයන්සා තේජාන්ගෙ කාමරේ දොර ළඟට වෙලා එහෙම කිව්වත් ඇතුළෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ...වෙනදනම් රැවුම් ගෙරවුම් වගේ දේවල් ඇතුළෙන් ඇහෙනවනෙ...තයන්සා කරන්නම දෙයක් නැති හින්දා බයෙන් බයෙන් තේජාන්ගෙ කාමරේට ආවා....ඇතුළෙ හිස්...කවුරුත් ඇත්තෙත් නෑ...ඒත් තයන්සා දැක්කා බාගෙට ඇරලා දාල තිබ්බ ලාච්චුවෙ  මොනාද  තියනව කියල...නිකම් කුප්පි වගේ....ඒ මොකක්ද කියල බලන්න එයා ලාච්චුව ගාවට ආවත්  එකපාරටම පිටිපස්සෙන් ඇහුණ කටහඬ නිසා  ගැස්සිලා ගියා....ඒ කටහඬ වෙන කාගෙවත් නෙවෙයි.....තේජාන්ගෙ....

" තමුසෙ මොකද්ද මගෙ කාමරේ කරන්නෙ ආ....මගෙන් අහන්නැතුව මගෙ දේවල් අවුස්සන්න නේද ගියේ....."

 තේජාන්ගෙ හීනි දිග ඇස් තරහෙන් පුපුරු ගහද්දි තයන්සට බය හිතුණා...එයා දන්නව තේජාන්ට තරහ ගියාම මොන වගේද කියන එක....

" අ අයියා.....ම් මට ඕන උනේ මේ ගාණ අහගන්න විතරයි....."

" හරි.....පස්සෙ එනවා....දැන් මෙතනින් යනවා..."

 තේජාන් තයන්සා දිහා නොබලම ඕනවට එපාවට එහෙම කියද්දි තයන්සත් එතනින් ගියා....

______

" යා මිනෙතයො.....උබෙ ඔය පස්ස ගනින්කො.....මට ඉඩ නෑ උට්ටො....."

නෙතූෂ් කෑගැහුවෙ එයාගෙ මුළු ඇඳම බදාගෙන පස්සත් දික් කරගෙන සැපට නිදාගෙන ඉන්න එයාගෙ අතිජාත පජාත මිතුරු පරාණෙ මිනෙත්ට....

" යා මොකක්ද බන්.....ඔහොමද ගෙදරට ආපු ආගන්තුකයොන්ට සළකන්නෙ තෝ....."

" අනේ පලයන් සක්කිලියො යන්න....දැන් තමුසෙ ඔහොම නිදාගත්තම මන් නිදාගන්නෙ තොගෙ ඇඟ උඩද ආ....."

" ඊක්කා.....මොනාද බන් උබ ඔය කියන්නෙ....කැත කතා කියන්න එපා....උබත් එක්ක බුදියන්න මන්....හහ්.....ඒවා හඳේ තමා පුතෝ..."

මිනෙත් එයාගෙ උපරිම ඇක්ෂන් දාලා පද්ද පද්ද නෝන්ඩියට වගේ කියද්දි නෙතූෂ්ට හිතුනෙම මිනෙත්ට අඟහරුවලට පත බෑවෙන්නම හොඳ දෙක තුනක් නෙළන්න....

" ඕන රෙද්දක් කරගන්නවා...මන් යනව පාඩම් කරන්න...."

නෙතූෂ් එහෙම කියද්දි මිනෙත් එයා දිහා බලාගෙන හිටියෙ මුට මොන යකෙක් වැහිලද කියල බලන ගමන්...මොකද ඔය පොත්, පාඩම් කියන දේවලුයි නෙතූෂ් කියන මනුස්පයයි දෙක අතර තියෙන්නෙ ආත්මීය හතුරුකමක්....හරියට ඊශ්‍රාලෙයි පලස්තීනෙයි වගෙ....එහෙම තියෙද්දි මේ නිදාගන්න ඔන්න මෙන්න තියල නෙතූෂ් පාඩම් කරන්න යනව කියද්දි ඉතින් මිනෙත් කම්පියුස් වෙන එක සර්ව සාධාරණයිනෙ....

~අනුරාගික සිත්~ || BL || Nonfic ✔️Kde žijí příběhy. Začni objevovat