06 🥀

147 18 0
                                    

" මිනෙතයො.....දැන් ඇති නේද තවුසෙ තේජාන් අයියව වර්ණනා කළා...මේ ඒකනෙමෙයි හිස්ට්‍රි මිස්ගෙ හෝම්වර්ක් කළේ නැද්ද උබලා...."

මම ඔන්න ඔහේ ශේප් එකේ කතාව මාරු කරන්න වෙන පැත්තකට ඌව මාරු කරත් හැමෝම මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නව....ඉතින් හරිනෙ....මන් මතක් කරේ අධ්‍යාපනික දෙයක්......මෙයාලට අනුව මම අධ්‍යාපනික දෙයක් ගැන කතා කරනව කියන එක අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයි වගේ සීන් කෝන් එකක්....

" හරි හරි ඉතින් උබල ඔහොම බලන්න එපා ඉතින්...ඉදලා ඉදලා හොඳ ළමයෙක් වෙන්න කියල බැලුවෙ....."

මෙන්න මේ ගෙම්බො ටික ඒ පාර කටවල් සැට් එකත් ඇරගෙන ඇස්ගෙඩි සැට් එකත් ලොකු කරන් මගෙ දිහා බලන් ඉන්නව.....ඇයි මුන්ට ඔච්චරටම මන් හොඳ ළමයෙක් වෙනව කියන එක විශ්වාස කරන්න බැරි.....අපතයො රැළ....

" මොකද්ද යකෝ තොපිලට වෙලා තියෙන්නෙ..."

" නෑ තූෂ්.....ඔයා කිව්ව කතාව අපිට පොඩ්ඩක් අදහාගන්න බෑ වගේ වුනා ඒකයි...."

" අනේ මේ නේෂි මගෙන් අහගන්න එපා ඉතින් ..."

කළ කළ දේ පල පල දේ කියන්නෙ ඕකට තමයි...මන් අරූට හිනා වුනානෙ කෙල්ලොන්ගෙනුත් චොර වෙනව කියල.....දැන් මන්....කමක් නෑ අපිටත් දවසක හඳ පායයිනෙ පුතේ....

" අන්න සනත් සෑර් එනවා.....වාඩිවෙයන්....!! "

ඔක්කොටම හපන් පන්තියෙ මොනිටැරේ කියන ඩයල් එක....ඌව මොනිටර් කරපු එයාට ගහන්න ඕනි පොල්ලකින්.....ඌ අපිටත් වඩා අපතයා....

" ළමයි.....ලබන සතියෙ විභාගෙට ලෑස්තිද ඔයාලා..."

" ඔව් සර් !!!! "

ඈ යකෝ....මුලු පන්තියම එක පිම්මට ඔව්ලු.....එතකොට මන් විතරද යකෝ විභාගෙට ලෑස්ති නැත්තෙ...එහෙමයි කියල මන් නෑයි කියල කෑගහන්න ඈ....එහෙමයි කියල හොඳ ළමයා පාර්ට් එක ගන්න ඔව් කියන්න ඈ.....මන් බොරු කියන්නෑ මන් හොඳ ළමයෙක්නෙ.....

" නෙතූෂ් පුතා මොකෝ සද්ද නැත්තෙ....විභාගෙට ලෑස්තිද...."

අනේ අම්මප.....මෙච්චර පන්තියෙ ළමයි ගොඩක් ඉන්නවා.....මේ මනුස්සයගෙ දෘශ්ටි විතානෙට කේන්ද්‍රගත වෙන්නෙ මාව විතරමද....ඒ අස්සෙ මගෙ යාලු මාලු අපතයො රැළ....මුන් ටික මන් දිහා බල බල කින්ඩියට හිනාවෙනවා....මන් පස්සෙ තොපිලව අල්ලගන්නම් සක්කිලියො ටික....

~අනුරාගික සිත්~ || BL || NonficWhere stories live. Discover now