මන් උදේ ඇහැරෙනකොට පට්ට දවල් වෙලා.....මන් දඩි බිඩි ගාලා ඇහැරුණෙ ඉස්කෝලෙ යන්න හිතාගෙන උනත් අද සෙනසුරාදා කියල මතක් වෙලා එහෙම්මම ඇඳට පැන්නා...මෙන්න සෙනසුරාදා දවස හෙනහුරා කරන්න මොකෙක් හරි උලමෙක් ඒ ගමන මට කෝල් කරනවා...මන් මල් බඹරා කියල හිතල කට් කරන්න කියල හැදුව උනත්...ඒ කතා කරන්නෙ ගෝනිබිල්ලා කියල ස්ක්‍රීන් එකේ වැටුණ නිසා දැක්ක මගෙ ඇස් පොල් ගෙඩි සයිස් උනේ මේකා මොකද උදේ පාන්දරම මට කතා කරන්නෙ කියල හිත හිත.....ටික වෙලාවක් ඉදලා මම ඉක්මනට කෝල් එක ආන්ස්වර් කළේ කට් වෙන්න කළින්....
" හෙලෝ ගුඩ් මෝනින් "
" මොකද මෙච්චර පරක්කු "
යකෝ මේකා...ගුඩ් මෝනින් කිව්වම ගුඩ් මෝනින් කියන්න කවුරුත් පුරුදු කරල නැද්ද මන්දා....කොයිවෙලෙත් එල්ලෙමනෙ....ගෝනිබිල්ලා..
" නින්දාගෙන හිටියෙ අයියේ "
" දැන් නැගිටිනවා..."
" ඒ මොකටද ඒ..."
" කිව්වම අහල එනවා...උදේ 10.30 වෙද්දි ලයිබ්‍රි පාත් එකට එන්න....කීයටවත් පරක්කු වෙන්න බෑ..."
" ඒ....."
බීප් බීප්.....මේ මිනිහා කට් කරලත් ඉවරයි.....යකෝ මන් මුගෙන් කනව වගේනෙ මූ තර්ජන ගර්ජන දාන්නෙ මට..හිතාගෙන ඇති...අනික මේ මහ පාන්දර මූ මොකෝ මට එන්න කි....හුටා....ඊයෙ තියන්න බැරි වුන පන්තිය අද තියනවද දන්නෑ...ඒනම් මිනෙතයත් එනව ඇතිනෙ......පොඩ්ඩක් ඉන්න.....ඌ ඊයෙ මට කතා කරල කිව්වනෙ ගමේ යනව කියල මේ සති දෙකක්ම...මල හත්තිලව්වයි...ඒ කියන්නෙ මන් සති දෙකක් තනියම ...අර ගෝනිබිල්ලත් එක්ක......මන් එහෙම්මම වෙලාව බැලුවම 9.30 යි...යකෝ අර ගෝනිබිල්ලා මට 10.30 ට එන්න කියල නේද කිව්වෙ...මූ මන් සතරවරම් කියල හිතනවද දන්නෑ...
මම හිතින් තේජාන් අයියට දෙහි කපන ගමන් ඉක්මනට ලෑස්ති වෙලා එළියට යද්දි අයියට මාට්ටු...මන් ඉතින් සීන්කෝන් එක එහෙන් මෙහෙන් කිව්වා...මගෙ පෙර පිනකටද මන්දා මට අයියගෙන් ලිෆ්ට් එකක් හම්බුනා ලයිබ්‍රි එකට...මොකද එයාගෙ හොස්පිටල් එකත් ඒ ළඟමලු....මන් ඉතින් අයියටත් බායි කියල ලයිබ්‍රි එක ඇතුළෙ බංකුවක ඉදගෙන අත් ඔරලෝසුවෙන් වෙලාව බලද්දි 10.15 ආ....තව විනාඩි පහළවක්ම තියනවනෙ....
YOU ARE READING
~අනුරාගික සිත්~ || BL || Nonfic ✔️
Non-Fiction" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...