16 🥀

151 20 0
                                    

වෙනදා වගේම අද දවසත් ඉවරවෙලා අලුත් දවසක් උදා වුනා....මන් ඉක්මනට ඉස්කෝලෙ යන්න ලෑස්ති වුනේ අද තේජාන් අයිය මාව ගන්න එනව කියපු නිසා...මේ මාසෙන් පස්සෙ තේජාන් අයියා ආපහු ඉස්කෝලෙ එන්නෙ නැහැ...මට ආපහු එයාව දකින්න වෙන්නෙ ඉස්කෝලෙන් පිටදී...දැන් මන් ඉතින් එහෙම ලැගගෙන ඉන්න තමා කල්පනාව...මොකද තේජාන් අයියා එහෙ ඉන්නෙ තනියමනෙ.....මන් කොහොමත් එයාව තනි කරන්නෙ නැහැ...අනික මට දැන් ඕන වෙලාවක එහෙ යන්න පුළුවන්....මොකද මන් එයාගෙ බෝයිෆිනෙ...හුම්ම්...

" නෙතූෂ්...."

තේජාන් අයියා...මතක් කළා විතරයි.....මෙයානම් මැරෙන්නැ....තේජාන් අයියෙ....ඔයාට මගෙන් ඈතට යන්නම ඕනද හ්ම්ම්....ඔයාට බැරිද හැමදාටම මාත් එක්ක ඉන්න.....ඇයි අයියෙ අපිටම මෙහෙම වෙන්නෙ...කලින් අපේ අයියලා දෙන්නා....මේ සැරේ අපි....අපිට කවදාවත් සතුටක් උරුම නැද්ද.....

" ඕ.....කොල්ලා ලෑස්ති වෙලානේහ්...."

" මන් එහෙම තමා....රෙඩි පිට ඉන්නෙ හ්ම්..."

" අනේ මේ යනව යන්න කොස් ඇට මීයා...."

" මොකක් කිවුවා....."

" කො ස් ඇ ට මී යා....මන් තමුසෙව සේව් කරන්න ඉන්නෙ එහෙම..."

එහෙම කියලා එයා මට පෙන්නුවෙ එයාගෙ ෆෝන් එකේ තියන මගෙ කන්ටැක් එක....යා...මේ මනුස්සයනම්....තමන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් ව ඔහොම සේව් කරන සිරිතක් තියනවද...මෙන්න මේකා හිනාවෙනවා....මගෙ දිහා බල බල.....කමක් නැහැ....ඔයා ඔහොමහරි හිනාවෙලා හැමදාම සතුටින් ඉන්න ඕන අයියෙ......මට ඕන එච්චරයි.....

" එහ්....මොනාද කල්පනා කරන්නෙ...."

" මොන ජාතියෙ බෝයිෆ්‍රෙන්ඩ්ද තමන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව ඔය වගේ නමකින් සේව් කරන්නෙ ආ...කොස්  ඇටමීයා.....අනේ මන්දා අයියෙ ඔයානම්..."

" මොන ජාතියෙ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ද කිව්වොත් ඇත්තටම ඒ මගෙ ජාතියෙ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්.....ඉක්මනට යන් කොස් ඇටමීයෝ.....පරක්කු වෙනවා....."

" අනේ අයියෙ ඔය නම කියන්න එපාආඅ...ආපහු කිවුවොත් මන් ඔයාට ගෝනිබිල්ලා කියනවා..."

" හරි කමක් නෑ...."

" තේජාන් අයියෙ!!!!"

" මොකද "

~අනුරාගික සිත්~ || BL || Nonfic ✔️Where stories live. Discover now