05 කොටස

53 7 8
                                    

පහුවදා උදේ මායි බන්‍ටි කතා වුන විදිහට අම්මාට library යනවා කියලා ගේන් එලියට බැහැලා බොරුවට library පැත්තට යනවා කියලා පේන්න එ පැත්තට යන පාරේ දිගේ ටික දුරක් ගියා....

අම්මාට අපිව පේන් නැ කියලා තක්කෙටම sure කර ගත්තට පස්සේ shortcut එහෙකින් එහෙන් මෙහෙන් රිංගලා කැලේට පැන ගන්න පුලුවන් වුනා. කැලේ මේ හරියට වෙන්න හුගක් පුරුදු නිසා එදා ගිය පාර හොයා ගන්න එ තරම් අමාරු වුන් නැ. එ අඩිපාර දිගේ සැහෙන දුරක් ඇවිදගෙන ආවත් මට පොකුණ හොයා ගන්න බැරි වුනා.... මට පොකුණ තිබුන තැන ගැන හරියටම හොද මතකයක් තිබුනෙත් නැ

"දැන් කොහොමද බන් අපි පොකුණ හොයා ගන්නේ"

"මට හරියටම මතක නැ බන් තැන කොහොම වුනත් මෙච්චර දුරක් නම් ආවේ නැද්ද කොහෙද "

"ඉක්මනට තැන හොයා ගමු පරක්කු වුනොත් අම්මලා සැක කරයි"

"එතැන ගස් වලින් හැංගිලා වගේ තිබුනේ අපි ආපහු ආව පාරෙම ගිහින් බලමුකො"

ටික වෙලාවක් එහෙට මෙහෙට කැරකුනාට පස්සේ පොකුණ හොයා ගන්න පුලුවන් උනා.... පාර හරස් කරන්න වැටිලා තිබුන වැල් අතින් එහාට මෙහාට කරගෙන පාර හදාගත්තා.... එදා වගේම අමුතුම ලස්සනක් එතැන තිබ්බේ.... නිල්ම නිල් පාට වතුර දකිද්දි වතුරට බහින්න හිත හිත ඉන්න ඔනි නැ පනින්නමයි හිතෙන්නේ...

"අඩෝ මන් හිතුවේ නැ බන් මෙච්චර ලස්සන ඇති කියලා මේක නිකන් fairytale එකක තැනක් වගේනේ"

"මොකද කියන්නේ වතුරට බැහැලා බලමුතේ.........."

"සිරාවට ගැබුරුද දන් නැනේ බන්.......... එච්චර ගැබුරු නැ වගේනේ........... අඩෝ උබ බැස්සද යකෝ........හිටපන් මාත් බහිනවා..."

එතනින් එහාට අපි වතුරේ ඇති තරම් නැටුවා එදා හොදට පායලා තිබ්බත් වතුරේ සිතලක් තිබ්බේ නැතුවමත් නෙවේ එදා වගේ අද්භුත කිසිම දෙයක් අද වුනේ නැ... ඇති තරම් වතුරේ සෙල්ලම් කරාට පස්සෙ තමා අපිට වෙලාව බලන්නවත් මතක් උනේ

" 11 ත් වෙලා වෙලාව යනවා දැනුනේ වත් නැනේ"

මන් පොකුනෙන් ගොඩට ඇවිල්ලා phone එකෙන් වෙලාව බලලා ගල් තලාවක දිගා වෙන ගමන් බන්ටිට කිව්වා තාම ඌ දිය බරියා වගේ වතුරේ නටනවා

Dandelion | Bl | Mystery ( Ongoing )Where stories live. Discover now