- 65 -

209 39 7
                                    






" නෙලුම්... "

" .........."

"නැගිටිනවා ඉතින්... "

" ............. "

බත් කාල ගෙදර යන්න මහත්තයෝ ... අයියට ගමනක් තියෙනවනෙ යන්න. ඉක්මනට නැගිටින්න අප්පච්චි අයියා අතින් ම කවන්න ඕන්නං. "

       නෙලුම් කන්කෙදිරි ගෑවේ ය. අසිපත්ගේ ඇදේ සිනිදු ඇතිරිලි අතර ඔහු සුවපහසුවට එතී තව මොහොතක් උන්නේ පහසින් මිදෙන ලෝභයෙනි.

      කමිසයේ බොත්තම් දමමින් තුවාය කඩා පසෙක දැමූ අසිපත් ඇදේ දණින් හිදගත්තේ ය.

     කෑම කාමරයේ මිතුරන් ආහාර ගනිමින් සිටියහ. ඔවුන්ගේ අරමුණ පසු දින උදෑසන කොළඹ සිටීම වූ බැවින් හැන්දෑවේ හය හත වන විට වත් ගමෙන් පිටත් වීම අසිපත්ගේ බලාපොරොත්තුව විය.

           ' උබලට දෝදුද බං... බෑ කියලත් බෑ.. රට චොර වෙන්න වැඩක් මේකනං.. '

    මුලින් අදහස ඉදිරිපත් වූ විට අදිමදි කළ ද අසිපත් අවසානයේ එකඟ වූයේ සාරංග හා වූ හිතවත්කම හේතුවෙන්ම ය.

    ' හැමදාම ඇවොයිඩ් කරලා බෑ බං.. මේව කරලියට එන්ඩෝනා මාතෘකා.. එහෙනං උබ හා නෙ..? '

     ' බෑ කියන එක ඔප්ශන් එකක් ද? '

' හුත්තො ප්ලීස් මචං. '

' ච්.. හරි හරි මං බෑ ක්ක්ව්වෙ නෑනෙ.'

අසිපත් සුසුමක් සමඟ නෙලුම් ඔසවා උකුලට ගත්තේය.

පොඩි එකාගේ නින්ද කඩන්නට ලෝබ සිතුණත් ඔහු කිරිඅම්මාට ත් අත්තාටත් භාර කොට ගමෙන් පිටත් වීම අසිපත්ගේ අරමුණ විය.

     " සුදුමැනිකේ.. කෝ ඉතිං අයියට යන්න තියෙනවා .. "

" ... ම්ම්හ්... " නෙලුම් නොමනාපයෙන් අසිපත්ගේ පපුතුරේ මුව සගවාගත්තේය. " කොයෙ යන්නද.? "

       " කොළඹ.. යංකො අයියා බත් කවන්න කාල ගෙදර යං.. " අසිපත් නැවත පැවසුවේ රෝස කම්මුල මතින් කෙහෙරැල්ලක් ගෙන කන පිටුපස සඟවමිනි.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now