08 කොටස

48 7 7
                                    

පහුවදා උදේ පාන්දරම මන් ඇහැරුනේ උදේ පාන්දර බලල්ලූ වගේ කා කොටා ගත්තු නිවුන් ජෝඩුව නිසා...මුන්ටත් වෙන වෙලාවක් නැ වගේ මහ පාන්දරම රන්ඩු අල්ලන්න ඔනි උනානේ

"උබලට පිස්සුද බන් උදේ පාන්දර මරා ගන්න"

"මුට වගේම චානු උබෙත් මොලේ අවුල් විගෙනද එන්නේ... දැන් කොහොද යකෝ මහ පාන්දර වෙන්නේ දැන් 11ටත් කිට්ටුයි"

"අම්මටසිරි එහෙමත් එකක්ද.............. දන් නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.......... චූට්ටක් වැඩිපුර නින්ද ගියා.. එවයින් වැඩැක් නැ ඇයි උබලා මේ මිනි මරා ගන්නේ"

"මේ අයාන් මගෙන් මොකක් හරි හංගනවා ලගකදි ඉදන්"

"අපෝ උබලා මගේ වයසේ කියන්නත් ලැජ්ජයි බන් ඕකටද දැන් රන්ඩු උනේ.... එක නෙවෙ අයාන් පොඩ්ඩක් මෙහෙට වරෙන්කො බන් බඩ්ඩක් පෙන්නන්න"

මං හිමින්සිරුවේ අයාන් මං ලගට අඩ ගහ ගත්තේ උගෙ ඔය හැංගිල්ල මටත් ප්‍රශ්නයක් වෙලා තිබුන නිසා කෙලින්ම මල්ල ඇරලා බලන් නැතුව පොඩ්ඩක් ඇනලා බලමු

"උබට මට කියන්න දෙයක් තියෙනවද?"

මං අයාන්ගෙන් ඇහුවේ සැහෙන විශ්වාසයෙන්... කොහොමත් මට හංගන දේවක් අපි අතරේ නැ කියලා තමා ඕන් මෙ ලමයා හිතන් ඉන්නේ

"නැත්තෙමත් නැ..............."

නැත්තෙමත් නැ කියන්නේ යකො කියපන්... මන් දන් නැද්ද උබලගේ මරිසි

"අයාන්............ ආරව්............ කො මේ ලමයි ආ මේ බෙහෙත් පැල ටික Mrs Silva ට ගිහින් දෙන්න"

ලොකුඅම්මත් ආවනේ මේ වෙලෙම.......... දැන් මුගෙ කට හොල්ලනවා බොරු

"මට බැ ඕන් නම් ආරව්ට කියන්න"

"ආයෙම ඔය ලමයිගේ රන්ඩුද ඔයාලට බැරි නම් චානු පුතා යන්න"

"මන් යන්නම් ලොකු අම්මේ"

"හරි හරි අපිත් යන්නම්"

"එහෙනම් අනිත් පුතාලවත් එක්කන් යන්න එයාලත් කැමති වෙයි වටපිටේ ටිකක් ඇවිදින්න"

මන් ඉක්මනට කාමරේට අවේ ඇදුමක් දාන් ලැස්ති වෙන්න මෙහෙම ගියොත් එ මිනිස්සු බය වෙයි.. කාමරේට ගියපු මගෙ කට බාගෙට ඇරුනේ මගේ මුලු බැග් එකම ඇද උඩට ඇදලා දාලා තියෙනවා දැක්කට පස්සේ.. මොන පකාද යකෝ මගෙ බඩු ඇද්දේ

Dandelion | Bl | Mystery ( Ongoing )Where stories live. Discover now