මේක පුංචි නංගි කෙනෙක් සහ සහෝදරයො නොවන සහෝදරයන්ගෙ වටේ ගෙතුනු පුංචි කතාවක්. පුංචි ගෑනු ළමයෙක්ව හදා ගන්න දරන වගකීම් සුලු අතපසුවල බරපලකම ගැන කියවන්න මාත් එක්ක එකතු වෙන්න. ----------------------------------------------------------------- මං යුන්ගි අයියා දිහා බලන් ඉද්දි එයා මගේ කම්මුල් එයාගෙ අතින් පිහිදුවා. " ඒ උනාට ඔයා කරපු වැඩේ වැරදි. එයා ඔයාට වඩා පොඩ්ඩක් විතර පොඩිනේ. එයාව තල්ලු නොකර ඉන්න තිබ්බා..." " මං එයාව තල්ලු කලේ නෑ. මං කාබරේට එනකොට එයා ඇද උඩ සපත්තුත් දා ගෙන උඩ පැන පැන හිටියා. මං එයාට ඇදෙන් බිමට බහින්න කිව්වහම.......... එයා මට කිව්වා......... එයා කිව්වා.........." " එයා ඔයාට කිව්වා අනාතයා කියලා... මං හරි නේ...." එයා මගෙ අතින් අල්ලන් ඇවිදන් යන ගමන් කෙලින් බලගෙනම කිව්වා. මං ඉතින් ඔලුව වැනුවා. එයා ආපහු මාත් එක්ක කතා කලේ නෑ. මං කතා කරන්න ගියෙත් නෑ..... ඔයා කැමති නම් එන්න මගේ කතාවත් කියවන්න ගන්න.... ❣