දෙවන කොටස

814 112 13
                                    


"ආකූ..."

💫

"ආහ්..."

"හායි බේබ්..

හදිස්සියට ඔලුව උස්සලා බලද්දි එහා පැත්තෙ ඉදියේ කවදාවත් දකින්න බලාපොරොත්තු නොවුන විදිහේ කෙනෙක්... එතන ඉදියේ නිල් පාට ෆුල් සූට් එක ඇදපු කලු ජාතිකයෙක්... ටීවී එකේ කලු ජාතිකයෝ කොච්චර දැකලා තිබුනත් මූන ඉස්සරහට එහෙම කෙනෙක් මේ හම්බුනාමයි...
උස මහතට පිරිමිකම වෑස්සෙන ඒ රූපේ නිසා හොදට ගැහෙන ගමන් තිබ්බ මගේ පපුව බයටද මන්දා හෙන හයියෙන් ගැහෙන්න අර ගෙන... ඒක මගේ ප්‍රශ්නයක් කියලා කියමුකෝ... ඒත් ඇයි මෙයා මගේ මූනට පහත් වෙන්නෙ...

"ක්.කවුද ඔයා... ඇ.ඇයි ඔච්චර මූනට පහත් වෙන්නේ..."

මට එයාව දැකලා පුරුදුයි වගේ...
එයා හරියට, එයා හරියට අර ජලේබි බේබි සිංදුවේ ඉන්න කලු කොල්ලා වගේ... මොනා උනත් ඒ සුදු දත් එලියට දාලා හිනා වෙද්දි හරි පිං පාටයි... මට පිස්සු වගේ දැන්නම්... කෝකටත් කියලා මං පුටුවෙම ටිකක් පිටි පස්සට ඇල උනේ මගේ පපුවේ සද්දෙ එලියට ඇහෙයි කියලා බයට..

"ඌප්ස්...
සෞරී බේබ්... මම ඇලෙක්ස්... ඔයා ආකාශ් කියලා මං දන්නවා... ඒකයි මම ඔයාට ආකූ කියන්නෙ... මං දන්නවා ගොඩක් ප්‍රශ්න ඇති ඒත්, ඔක්කොටම කලින් කියන්න ඕනි ඔයා හරි ලස්සනයි... ඔයාගේ skin color එකට ගැලපෙන්නෙ dark colors තමයි. red color එකත් ඔයාට, "

"හෝව් හෝව් ඉන්න චූට්ටිත්තක්... ඇයි මේ කෝච්චියක් වගේ කියවන්නෙ...
ඇලෙක්ස්, ඔයාට කතා කරන්න ඕනි නම්, අර ඉන්න නැශනල් කිට් එක මගේ තාත්තා... කතා කර ගන්න ඕනි දෙයක් එයත් එක්ක කථා කර ගන්න..."

නපුරු පෙනුමට ඉදියට ඇලෙක්ස් කියන කෙනා කතා කරන්නේ හරියට වක්කඩයක් කැඩුවා වගේ... එතූට හුරතල් වගේ... ඒත් කතා කර කර ඉදලා බිස්නස් ගැන ඇහුවොත් මං දන්න මගුලක් නැති නිසා මං තාත්තව පෙන්නලා ආයිමත් ඉද ගත්තා... ලග ඉදපු පොඩි එකා කොහේ අතුරුදහන් වෙලාද මන්දා... පොඩි එකා අතෙන් අතෑරෙන්න තරම් මගේ සිහිය කොහේ තිබ්බද කියලා කතා නොකර ඉමු...

"ක්හ්ම්..."

"ඇ.ඇලෙක්ස්..."

"මං ආවේ තාත්තා එක්ක කතා කරන්න නෙවෙයි... ඔයා එක්ක කතා කරන්න..."

කාබේරි (Complete Non Ff)Where stories live. Discover now