Chapter 3

404 30 3
                                    

✨️

'නේජ දේවාන්ෂ් සමරක්කොඩි..'

මටත් නොදැනීම මගේ හිත ඒ නම කීප පාරක්ම කියවන්න ඇති.

හැම වෙලාවකම ඇම්බියුලන්ස් එහෙ මෙහෙ යන පාරේ ග්‍රෞන්ඩ් එකට ළගින්ම ඇම්බියුලන්ස් එකක සද්දය ඇහුණා.

සමහරවිට ඒකේ වෙන්න ඇති නේජ ව හොස්පිට්ල් එක්කන් යන්න ඇත්තේ.

මං තාමත් ග්‍රෞන්ඩ් එක දිහාම බලාගෙන හිටියා.
නේජ ගිහින් තිබුණේ මැච් එක දිනන්න ඕනි ලකුණු ගානට ලකුණු තුනක් ඉතුරුවෙන්න අරගෙනම දීලා වෙනකොට, ඊළඟට ආපු ප්ලේයර්ට තිබුණේ ඒ ලකුණු තුන ගන්න විතරයි.
මට මතක් වුණා දවසක් ගවීර කියපු දෙයක්. 'දේවා ඉන්නකම් අපේ ටීම් එක පරාද වෙන්නේ නෑ..' ඇත්තටම නේජ දක්ෂයි. ඒක උවමනාවටත් වඩා කැපිලා පෙනුණා.

ඒත් මට ඇයි තේරෙන්නෙ මම පරාද වෙලා වගේ. මොකක්දෝ කියන්න බැරි වේදනාවකට මගේ උගුර හිර වෙලා වගේ තිබුණා.
ඉතින් මම මීට කලින් දැනිලා තිබුණේ නැති හැඟීමක් අස්සේ අතරමන් වෙලා හිටියා.

"උඹට ගෙදර යන්න පරක්කු වෙනවනේ.. ගයියා කප් එකත් උස්සලා එනකොට තව පැයක් දෙකක්වත් යාවී.."

සචිත් මාව මේ ලෝකෙට අරගෙන ආවා. ඒත් මම තවමත් කලින් දැකපු ඇස් දෙකක මතකයක එල්ලිලා හිටියා.

"මම ගියාට කමක් නැද්ද?

මට හදිස්සියෙන්ම කොහේ හරි තැනක තනිවෙන්න උවමනාවක් ආවා. එහෙම නැත්තම් ඇත්තම කිව්වොත්, මේ දැනෙන හැඟීමෙන් පැනලා යන්න වුවමනාවක් ආවා.

✨️

නිවාසේ ළඟට එනකොට හවස පහවත් වෙලා තිබුණේ නෑ. තාම මහ ලොකුවට පරක්කු වෙලා තිබුණේ නැතත් මම එන්න ආවේ එතන ඉන්න බැරි බවක් දැනුණු නිසා.

ඉතින් වොශ් දාගෙන ඉක්මනින් ආවේ අද වෙනදාටත් වඩා කල්පනා කරන්න දේවල් ගොඩාක් තියෙන නිසා වුනත්;

"අයියේ මදර් එන්න කියලා කිව්වා.."

චූටි බටු කොල්ලෙක්ගේ කටහඬ ඇහෙනකොට, මම හිටියේ ඇඳට නගින්න කකුලකුත් තියලා.

"මදර්..."

ඔෆිස් රූම් එකේ එහා කොනේ ඉඳලා ෆයිල්ස් වාගයක් අරගෙන එන ගමන් හිටපු මදර් මේ පැත්තට හැරුනේ සුපුරුදු හිනාවත් එක්ක.

එකත්පස් | BL SINHALA NOVELΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα