දඬු මොණරු 24

877 122 18
                                    

පිවිතුරු අයියව හොස්පිටල් එකෙන් ගෙදර එව්ව කියන්නේ ඒ හැටි අමාරුවක් නැතුව ඇති,ඒ නිසා මං සර්ගෙ හිත හැදුව පුළුවන් තරම්. මොකද එයා හිතන්නේ එයා නිසා අර යකා බයික් එක හප්ප ගත්ත කියල, එහෙම වෙන්නත් බැරි නෑ ඉතිං.....

හොඳ වෙලාවට අද වොලිබෝල් ප්‍රැක්ටිස් තිබ්බෙ අපේ නිවාසෙයි, හසාලයි එක්ක, ඒ නිසා අපි තුන් දෙනා වගේම සර්ලා දෙන්නත් නැවතුනා. අපේ ටීම් එක සුපිරි කියල තේරුනේ ටිකක් වෙලා සෙල්ලම් කරද්දි. එහා පැත්තේ හසයි, චවියයි... හසා නම් ගේමක් ගහනවා පෙනුණත් චවියට නම් සෙල්ලම් කරල පුරුදු නෑ වගේ. මොනව උනත් උන්ගේ ටීම් එකත් හොඳ ගේම් එකක් දුන්නා.

මල්ලිව සෙනාල් මල්ලිලා එක්කම ගෙදර යැව්ව. මගේ තරහකාරයො ඒ ප්‍රශ්න වලට ඌව ගාව ගත්තේ නැත්නම් හොඳයි. පිට්ටනියේ අනිත් කොනේ කෙල්ලො නෙට්බෝල් ප්‍රැක්ටිස්. මානවී අක්කලත් ඉන්නෙ. එයා ඊට පස්සේ නම් මාත් එක්ක කතාවට ආවේ නෑ, මද්දු මාමට හැමදේම කියනව කියලා බය කරන්න ඕන ඇණයක් වෙන්න ආවොත්....

හතර හමාර වගේ වෙද්දි අපි ගෙදර එන්න ආවා, මෙහෙම්ම පිවිතුරු අයියවත් බලලා යන්න හිතුණු නිසා අපි හැමෝම එන ගමන් චවියගේ ගෙදර යන්න කතා උනා. අපි ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට එද්දි යශ් අයියා ඇවිත් හිටියා. එයා තනියම, බයික් එක වත් පේන්න නෑ අද, දමිත් අයියලත් එයාලගේ සුපුරුදු තැනට වෙලා ඉන්නවා. යශ් අයියා අපි ළඟට ආවම අනූප සර් මුලින්ම එයා එක්ක කතා කරා...

"දැන් ලෙඩාට කොහොමද යශ්"

"අර ඉන්නෙ ඇදේ දපල, කට කැඩෙනකම් කිව්ව පරිස්සමින් පලයන් කියල"

"ගොඩක් අමාරුද"

"තුවාල ටික තමයි ඉතින් තියෙන්නේ, හොඳ වෙලාවට අතක් පයක් නොකැඩී බේරුණේ"

තුහින සර් බිම බලාගෙන ගියත් කතාවට ඇහුම් කන් දිදී ගියේ.

"කෝ යශ් අද බයික් එක "

"ඒක දුවිකලගේ ගෙදර අනූප, මං මේ ආවේ අදත් අරුන් ප්‍රශ්නයක් දායිද කියල "

එයා ඇවිත් තියෙන්නේ මාව පරිස්සම් කරන්නලු, සර්ලා තාම අපි දෙන්නා ගැන හරියටම දන්නෙ නෑ, ඒත් එයාලට තේරෙනවා ඇති මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා.

දඬු මොණරු Hikayelerin yaşadığı yer. Şimdi keşfedin