55 කොටස

643 104 26
                                    

රන්දුණු POV

"කලු අයියා...! මහත්තයා ඔයා කියන්නෙ මේ අපේ කලු අයියා කියලද...."

"ම්ම්....උඹේ කලු අයියා තමා බබා....ඕකා හින්දා තමා මේ සේරම....මට උඹ ගාවට එන්න බැරි උනේ....මෙච්චර ඩ්‍රාමා එකක් කරලා රට එන්න උනේ....උඹව මෙහෙම නොකියම ගෙන්නන්න උනේ...සේරම ඔය දේශාන් කාරයා හින්දා...."

"මහත්තයා මොනවද කියන්නෙ....එහෙම වෙන්නෙ කොහොමද...මහත්තයා ළඟ නැති වෙලේට මට උදවු කරේම මා එක්ක හිටියෙම කලු අයියනෙ..."

"ඉතිං  ඒ හින්දම තමයි බන් මම තාත්තා ගාව හිරවුනේ..."

"එ....ඒ කීවෙ...."

"රන්දුණු අයියට කියන්න දෙන්නකො මල්ලි...."

මගෙ එකා කතාව කියන්න නොදී මැද්දෙන් පැන පැන ඒකාගෙ කලු අයියගෙ ගුණ වයන්න ගත්තා....ඇත්තනෙ කලුවා පණ දෙන්නනෙ හිටියෙ....කිරිත් එරෙනව ඕකට තව ටිකක් හිටියනම්.....එච්චරට දරු කැක්කුම....ඔස්කාර් සම්මාන වලින් දමලා ගහන්න ඕනි පරයට රඟපු රැඟුමට....

"දේශාන් කියන්නෙ තාත්තගෙ අල්ලෙ නැටවෙන එකෙක් බබා....ඒකා උඹව හොයාගෙන ආවෙම තාත්තගෙ කීමට ....අපි රැවටුණා....හොඳම එකෙන් ගොනාට ඇන්දා....පුතා එක්ක ඇවිත් ටික දවසක් යද්දි මම ගෙදර ගියා මතකද....එදා තාත්තා මට කිව්වා උඹේ පස්සෙන් එකෙක් දාල ඉන්නවා මම දැඟලුවොත් උඹට මොනවා හරි කරනවා කියල....එදා ඉදන් මම දහාතේ හෙව්වා ඒ මොකාද කියල....පහනා එහෙම තමා සපෝට් කරේ....ඒ උනත් හොයාගන්න කියල එකෙක් නැති වෙද්දි මම හිටියෙ පිස්සු වැටිලා....මට සැක කරන්න හිටියෙ දේශාන් කාරයා විතරයි....මම ඒකා දිහා සැකෙන් බලනවා කියල උඹ මා එක්ක එල්ලුනා එහමත් මතකනෙ බබා....උඹ කොහොම කීවත් මම ඒකාව සැක කරා....හැබැයි එදා ඇක්සිඩන්ට් එක වෙලේ උඹවයි පුතාවයි බේරගත්ත එකෙන් මට ඒකා ගැන තිබ්බ සැකේ නැතිඋනා....හොයල බලද්දි දැනගත්තෙ ඒක තාත්තා කරවපු දෙයක් නෙවේ..... දේශාන් උඹලව බේරගත්තෙ ඌම හිතලා....එදා මම ඇත්තටම ඒකාව සැකකරපු එක ගැන පසුතැවුනා....මතකනෙ බබා මම බීලා ඇවිත් උඹෙන් පහුවදා බැනුනුත් ඇහුවා ....එතනින් පස්සෙ මම තාත්තගෙ පදේට නටන එක නැවැත්තුවා....මොකද උඹගෙයි පුතාගෙයි ආරක්ශාවට දේශානුත් ඉන්නවා කියල හිතපු හින්දා....පිට එකෙක්ට උඹට ලං වෙන්න අපි දෙන්නා හින්දා අමාරුයි කියල හිතපු හින්දා....රකිතත් නැති එකේ දේශාන් ඉන්න එක මට ලොකු හයියක් කියල මම හිතුවා...."

සියපත්Where stories live. Discover now