02

221 24 1
                                    

වෙනදටත් වඩා කලින් ඉස්කෝලෙට ගිය හෙඩ් බෝඩ් එකේ හතරදෙනා ඇතුලට යන්නෙ නැතුව බලන් හිටියෙ මෙච්චර දවසක් ආදරේ කෙරුව එකම දේ කකුල් දෙක ලගට එනකන්. එකම වේගෙකින් ආව යමහා බයික් හතර සත්රූ සිතුම් ආයු යෙනුජ ඉස්සරහින් නැවැත්තුවේ පිලිවලට. ඒ බයික්වල ආවෙ යුහේන් , සිතිජ , ඉවේන් , අකිල හතරදෙනා. පරම හතුරො කීවොත් හරියටම හරි. කිසිම කතාවක් නැතුව බයික් එකට වම් අත තිබ්බ හතරදෙනා දකුණු අත දික්කරල ඉල්ලුවේ බයික්වල යතුරු. ඒත් ඒක දැම්මම ලැබෙන පාටක් නෑ. මොකද අනිත් හතරදෙනා තාම ඉන්නෙ බයික්වල. අඩුම තරමේ හෙල්මටෙකවත් ගලවලා නෑ

" ඕක දෙනව නැද්ද "

" උදව්වක් කෙරුවම තෑන්ක්ස් කරන්න දන්නෙ නැද්ද "

"අපි උදව් ඉල්ලුවෙ නෑ "

සත්රූ , ඉවේන් දෙන්නා අතරෙ යන්නෙ සීතල යුද්ධයට කවුරුත් සම්බන්ධ වෙන්නෙ මැතුව කටවල් වහගන් පැත්තකට වෙලා හිටියෙ හැමදාම වෙන එකක් හින්දා. ඒත් මෙතන වෙන්න ඕනෙ හැමදාම වෙන සීතල යුද්දෙ නෙමේ. බයික්වල යතුරු ගන්න එක මේකෙදි ඉස්සරහට යන්න වෙන්නෙ ආයුට කියලා යෙනුජට නිකමට වගේ තේරුනත් ඒක කියන්න ගියෙ නැත්තෙ හැමවෙලේම එල්ලෙන්න බලන් ඉන්න සත්රූ හින්දා. එත් යෙනුජ ආයුව ටිකක් ඉස්සරහට තල්ලුකරා. ඒක දැක්ක ඉවේන් බයික් එකෙන් බැහැල ඇවිදන් ආවෙ ආයු ලගට.

" මල්ලි පොඩි උදව්වක්නන් ඕනෙ "

" මොකද්ද "

" අපි හතරදෙනා ආවෙ ඔයාලගෙ බයික්වලනෙ ඉතින් අපේ ගෙවල්වල ඉතින් අපිට හවස ට්‍රාස්පෝට් ඕනෙ ඉට්ජින් අපි මේව අරන් යනව. හවස මෙතනම ඉන්න "

එහෙම කියල බයික් හතර ලොක් කරලා ඒවගෙ ආව අය යනකන් අයිතිකාරයෝ හතරදෙනා බල්න් හිටියෙ කටවලුත් බාගෙට ඇරගෙන. ඒ හතරදෙනාත් මූනට මූන බලාගෙන ඉදලා ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තට ගෑටුවේ ඩිවුටිවලට. ඉගැන්නුව කිසිම දෙයක් ගැනවත් වැඩි අවදානයක් දුන්නෙ නැති කට්ටිය අවසාන බෙල් එක ගහලා ලමයි ඔක්කොම යනකනුත් ඉදලා ඉක්මනට ආවෙ බයික්වල යතුරු අතට ගන්න. ඒත්

ටික් ටික් ටික්...

විනාඩියෙන් විනාඩිය ඉස්කෝලෙ ඇරිල විනාඩි හතලිස් පහක් විතර ගෙවිලා ගිහින්. වෙනද ඇරුන ගමන් කූඩුවෙන් ඇරිය කුරුල්ලො වගේ හතරදෙනා ගියාට අදනන් වැද්දෝ හතරදෙනෙක් එනකන් බලන් ඉන්න වෙනව. සත්රූගෙ ඉවසීමෙ සීමාවෙ අන්තෙටම ඇවිල්ලා තිබ්බට. ආයුටනන් ඉස්කෝලෙ වෙලාවෙ තිබ්බ ගැස්ට්‍රයිටිස් අමාරුව දැන්නන් ටිකෙන්න් ටික වැඩි වෙනව. ඉස්කෝලෙ ඇරිල පැයකට විතර පස්සෙ ඉස්කෝලෙන් එලියට ආවෙ ඉවේන්ලා.

ආයු ( Non fiction )Where stories live. Discover now