♡♡♡"එ් ගෑණි මගෙ මේට් නෙවෙයි හ්‍යුන්... එ්කි ලූනා වෙන්න කොහොමත් සුදුසු නෑ... අර්හ්..."
තරහෙන් දත් මිටිකාපු අැල්ෆා එහෙම කිව්වෙ ඔළුවත් නවන් ඉන්න උස පිරිමි කෙනා දිහා දවා අළු කරන්න පුළුවන් බැලුමක් හෙලන ගමන්...
"එ්ක නම්ජුන් හ්‍යුන්ගෙ වැරැද්ද නෙවෙයිනෙ හ්‍යුන්... එ්කට එයාට කෑගහන්නෙ මොකටද? අපිද රෑ අස්සෙ අර කොහෙවත් යන කෙල්ලව මාක් කරේ??"
"කටවහපන් ටේ.. අරූ හොඳ සිහියෙන් ඉන්න වෙලාවක උෟටම කියහන්.."
"අර්හ්... පලයන් මෙතනින්... මට තනියෙම ඉන්න දීපල්ලා..."
වීදුරු බිඳින සද්දයක් එක්කම අැල්ෆා තමන්ගෙ යටත් පිරිසට කෑගැහුවෙ රූම් එක අැතුලෙ ඉන්න හැමෝම මොහොතකට ගැස්සිලා යද්දි. එකා දෙන්නා පෝළිමේ සීරුවට එළියට යද්දි අැල්ෆා රූම් එක මැද දන ගහගත්තෙ බිඳිලා ගිය වීදුරු කෑලි ගානකටවත් නොගෙන...
"මොකද්ද හ්‍යුන් අපි මේකට කරන්නෙ?"
එතන හිටපු පිරිමි ළමෙක් වැඩිමල් කියලා හිතන්න පුළුවන් පෙනුමක් තිබුන කෙනෙක්ගෙන් අැහුවා උනත් එ් කෙනාගෙන් උත්තරයක් නම් බලාපොරොත්තු වෙන්න බැහැ. එයා එ් තරමටම කල්පනාවක හිටියෙ...
"අපි මොනවා කරන්නද ටේ... උෟමයි එ් දේ කරගත්තෙ.... දැන් මොනවා කරන්නත් පරක්කු වැඩියි..."
"එතකොට හ්‍යුන් කියන්නෙ පැත්තකට වෙලා බලන් ඉන්න කියලද?"
"බලන් ඉන්න බැයිනං තෝ පලයන්... මොන මඟුලක්ද මට කියන්නෙ?? කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මං මෙතනට වෙලා වාඩිවෙලා ඉන්නෑනෙ"
"අායිශ් යූංගි උබත් හිටපන් කෑගහන් නැතුව... අර්හ්.. ශිට්... දැන් අර ගෑණිට කතා කරපන්!!"
"ජින් හ්‍යුන්... මොනවා උනත් එ් ලූ-"
"මොන ලූනෙක්ද ජිමින්... එ්කිට කතා කරහන්... බලෙන් එල්ලෙන්න අාව එකියක්ද කියලා අපි දන්නෑනෙ..."
උස පිරිමි කෙනා උච්ච ස්වරයකින් එ් විදියට කියනකොට ටිකක් උසින් අඩු කෙනා එහෙමත් නැත්තන් ජිමින් එතනින් පිටත් වුනේ එයාට අවනත වෙලා වගේ...