Part 4 (final)

511 88 50
                                    


♡♡♡

"ඔප්පා?"

"මෙහෙ තමුන්ගෙ කවුරුත් නෑ ටශියා.."

ජින් හැඟීම් විරහිතව කාමරයෙන් එළියට අාවත් එයාගෙ හදවතේ සියුම් රිඳුමක් අැති වුනා..

"ඉට්ස් ටූ මච්!!"

ටශියා හොඳ හුස්මක් ගත්තා. අැස් අඟින් කඳුළු කැට පහළට වැටෙද්දි පුංචි ඉකියකුත් කටින් පිටවුනා..

සොන්හිගෙ මරණෙන් පස්සෙ පළවෙනි පාරට ටශියාගෙ අැස් වලින් කඳුළු පිටවුනා. තමන්ව තනිවෙලා කියන හැඟීම උපරිමේටම ටශියාගෙ හිතට කාවැදිලයි තිබුනෙ..

දැන් නම් හොඳටම අැති. ටශියා තීරණයක් ගත්තා. ඉපදුනු දවසෙ ඉඳන් තමන්ගෙ තනියට එක්කෙනෙක්හරි හිටියා.. එ්ත් එයත් තමන්ව අතඅරිනකොට ටශියා හැමදේම ඉවසන්න පුරුදු වුනා. උඩු සිත කොච්චර තනිවෙලා කියලා කිව්වත් යටි සිතේ තමන්ගෙ එකම අයියා තාමත් වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නවා කියලා ටශියාගෙ බිඳුනු හිත හදද්දි.. ජින්ගෙ අන්තිම උත්තරේ ටශියාගෙ යටි හිත පරාද කරා..

කොට්ටෙ යට කොලේක ඔතලා තිබුනු බ්ලේඩ් තලය අතට ගත්තු ටශියා එයාගෙ වම් අතේ මැණික් කටුව ලඟින් මුවහත ගැඹුරටම කිඳා බැස්සුවා. සුදු පාට ශීට්ස් තෙමාගෙන ලේ විදිද්දි වේදනාව මැඩගෙනම තවත් කැපුමක් කරපු ටශියා අැස් දෙක පියාගෙන තමන්ගෙ සුන්දර මතකවල කිමිදුනේ තොල් අග පුංචි සිනහවක් අැදෙද්දි..

ඉස්සර ජින් එක්ක එකතුවෙලා කරපු කියපු දේවල් මතකෙට නැගෙන කොට ටශියාගෙ අැස් අගින් කඳුළු බිංදුවක් බේරිලා පහළට වැටුනා.. ජන්කුක්ව දැක්ක පළවෙනි දවසෙ හැමෝටම හොරා එයා දිහා බලන් හිටපු හැටි... සොන්හි ජන්කුක් එක්ක කතා කරන කොට අවදානෙ ගන්න බොරුවට වැටුනු විදිහ.. සොන්හි ජන්කුක් අතිනත ගත්තු දවසෙ අඬපු විදිහ.. එතකොට සොන්හිගෙ බර්ත් ඩේ එක දවසෙ එයාගෙන් සමාව ගත්තු විදිහ.. තව සොන්හි කකුල ලිස්සලා වැටුනු විදිහ වගේම ජින් පළවෙනි පාරට තමන්ට කම්මුලට ගහපු විදිහ එකපෙළට මතකෙට එද්දි ටශියා අැඬුම් පාලනය කරගන්න බැරුව අැඳෙන් බිමට වැටුනා..

"ටශියා..?"

ටශියාගෙ කෙඳිරිලි අැහුන ජන්කුක් කාමරේ අැතුලට එද්දි ලේ විලක් මැද උන්නු කෙල්ලව දැකලා එක තැන නතර වුනා..

"ටශියා!!"

ජන්කුක් ඉක්මන් කරලා ටශියා ලඟට ගිහින් එයාවත් උස්සගෙන කාමරෙන් එළියට දුවද්දි කොහෙදෝ ඉඳලා අාව ජිමිනුත් ජන්කුක් පස්සෙන් දිව්වා..

"හ්‍යොං... වාහනේ ගන්න!!"

ජන්කුක් කියන පමාවට ජිමින් වාහනේට නැගලා ටශියාව අරගෙන හොස්පිට්ල් එකට ඩ්‍රයිව් කරා..

නින්දෙන් වගේ අඬන ටශියාව දැක්ක ජන්කුක්ට පළවෙනි වතාවට එයාගැන අනුකම්පාවක් දැනුනා. එ්ත් දැන් පරක්කු වැඩියි... ද?

ටශියාව ඉක්මනින් හොස්පිට්ල් එකේ විශේෂ වාට්ටුවකට අැතුල් කරපු ජන්කුක් විනාඩි ගානක් තිස්සෙ බලාගෙන හිටියෙ නොයිවසිල්ලෙන්.. ජිමින් මේ වෙනකොටත් පැක් එකේ අයව දැනුවත් කරලා තිබුන නිසා එයාලා හොස්පිට්ල් එකට එන ගමනුයි හිටියෙ..

"අැල්ෆා.. ලූනාගෙ බඩු ටික.."

නර්ස් කෙනෙක් අැවිත් ජන්කුක්ගෙ අතට ටශියාගෙ ඉයරින්ස් දෙකයි සිල්වර් කලර් මුද්දයි දුන්නහම එයා එ් දෙක ගත්තා..

ක්ෂනිකව අැති වුනු සිතුවිල්ලකට තමන්ගෙ මැදඟිල්ලට දාලා තිබුන මුද්ද අයින් කරපු ජන්කුක්ට දැනුනෙ දරාගන්න බැරි දුකක්..

එ් වගේම ටශියා හිතන දේවල් ජන්කුක්ට දැනෙද්දි එයාගෙ අැස් වලින් කඳුළක් පිටවුනා..

"මියාන්හේ... ටශියා.. මං දැනගෙන හිටියෙ නෑ.."

ජන්කුක්ගෙ කටින් වචන දෙක තුනක් පිටවුනත් එයාගෙ අැස් තදටම වැහිලයි තිබුනෙ.. පසුතැවීම කියන සිතුවිල්ලෙන් හිතම පිරිලා යනකොට ජන්කුක්ගෙ හිත ටශියාගෙන් ඉල්ලුවා ජීවත් වෙන්න කියලා..

"ජන්කුක් එහ්- එයාට මොකද උනේ??"

ජින් අැවිත් බිම වාඩිවෙලා ඉකිගහන ජන්කුක්ගෙන් අහද්දි.. ජන්කුක් ජින් දිහා අසරණව බැලුවා..

"එහ්.. එයා අහිංසකයි ජින්හ්‍යොං.. අපිහ්.. එයාට ලොකු වැරැද්දක් කරේ.."

♡♡♡
...END...

හිතන්නට යමක් ඉතිරි කර නිහඬ වෙමි සදහටම....

Don't Copy, Repost or Republish My Work Without My Permission!

Forgive Me [Completed]Where stories live. Discover now