EPISODE ONE

886 96 24
                                    

   බස් නැවතුම්පොළ අසල ඇති විශාල බෝ ගස ලගට වී අදින් පසුව ජීවිතයේ සිදු වේදැයි සිතමින් සිටින විට එක්වරම බසය හෝර්න් කරන ශබ්දය ඇසී මා පියවි ලෝකයට ඇද වැටුණා කීවොත් මා නිවැරැදි ය. අනුරාධපුර බලා යන බස් රථයට ගොඩවූ මා ජනේලය අසල අසුනකින් අසුන් ගෙන ජනේලයෙන් ඉවත බලාගෙන අතීත සමාලෝචනයේ යෙදීමි.යුවිදු ධර්මවර්ධන වන මා විශ්වවිද්‍යාලයීය අවසන් වසරේ සිටින ආයුර්වේදය හදාරන සිසුවෙක්මි.අවසන් වසරේ යැයි කීවාට මා විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය හමාර කර ඇතත් රැකියාවක් ලබා ගැනීම එතරම් පහසු නොවන්නා සේම මා හට සාම්ප්‍රදායික වන්නට අවශ්‍යතාවක් ද නොමැත.එම නිසා මා හට  කාලයක පටන් අවශ්‍ය වී තිබුණු ග්‍රාමීය ප්‍රදේශයක ආයුර්වේද වෙද මහතෙකුගෙන් අත්දැකීම් ලබා ගැනීම සදහා අනුරාධපුරයට යාමට මවට නොවදිනා වැදුම් වැදීමට සිදු විය.එයට හේතුව නම් අයියලා තිදෙනකු සිටින පව්ලක මා හුරතලයට හැදුනු බාල දරුවා වීමයි.මා විශ්වවිද්‍යාලයට ගියේද නිවසේ සිට වන අතර මා හට තුන් වේලම බත් කැවීම පවා අම්මා හෝ සහෝදරයන් අතින් සිදු විය.
            අප නිවසේ ආර්ථික තත්ත්වය ඉතා යහපත් මට්ටමින් පවතී.අම්මා විශ්වවිද්‍යාලයීය කථිකාචාර්ය වරියකි.තාත්තා විශ්‍රාමික යුධ හමුදා මේජර් වරයෙකි.වැඩිමල්ම සහෝදරයා මනෝ වෛද්‍යවරයකු වන අතර දෙවන සහෝදරයා එනම් මද්දු බැංකු මැනේජර්වරයෙකි.පොඩී හෙවත් තුන්වන සහෝදරයා දිවයිනේ ප්‍රසිද්ධ රසායන විද්‍යා දේශකයෙකි.මගේ පව්ලේ සියලු දෙනාම විවෘත මනසකින් ඕනෑම දෙයක් දෙස බලන..ඉතාම හොඳ තේරුම් ගැනීමක් ඇති අය වේ.
     කෙසේ වුවත් මා ඉගෙන ගැනීමට යන නිවසේ ම මා හට නවාතැන් පහසුකම් ලබා දෙන අතර එයට හේතුව නම් එම නිවසේ දෙවෙනි පුතා පොඩීගේ විශ්වවිද්‍යාලයීය මිතුරෙකු වීමයි.පොඩී ඔහු සමග මාගෙ නිවසේ දී හැසිරීම කියා ඇති බවට සැකයක් නැත.කෙසේ වුවත් මට නිදහසේ ඉගෙන ගැනීමට තිබුනොත් එය ප්‍රමාණවත් වේ.
       අවසානයේ අදාල බස් නැවතුම්පොළට පැමිණි පසු මා බසයෙන් බැසගතිමි.එක්වරම FZ වර්ගයේ යතුරුපැදියක් මහා ශබ්දයක් නගමින් නැවැත්වීය.

" දුල්මිණගෙ මල්ලි නේද"

යතුරුපැදිකරු මගෙන් විමසීය. මම

" ආ ඔව්....ඔයා අයියගෙ යාලුවාද??"

කියා විමසීමි.

" ඔව්...නගිනවා....ගෙදර හුරතල් උනාට අපෙ ගෙදර කවුරුත් හුරතල් කරයි කියල හිතන්න එපා හරිද?""

නපුරු ලෙස පවසා හෙල්මට් එකක් ගෙන මා අත තැබීය.අවුරුදු 25 ක් වුවත් මා යතුරුපැදියක ගොස් ඇත්තේ දෙවතාවක් පමණි.මා පැකිලෙන බව දුටු ඔහු

"ඇයි බුලත් දෙනකල්ද ඉන්නෙ....හෙල්මට් එක දාගන්නව....ඇයි දන්නැද්ද ඒක දාගන්නත්???"

අසා හෙල්මට් එක ගෙන මාගෙ හිසට දමා මා නගින තුරු බලා සිටියේය.මා යතුරුපැදියට නැගුණු පසු හිතන්නවත් වෙලාවක් නොතිබිණි.අධික වේගයෙන් පැමිණ මිනිත්තු කිහිපයකට පසුව වලව් පෙනුමක් තිබූ නිවසක මිදුලේ   යතුරුපැදිය නතර කෙරිණි.

"බහිනවා...."

යැයි නැවතත් සැරෙන් පැවසූ පසු මා දඩි බිඩි ගා බැසගතිමි. මා යතුරුපැදියෙන් බසින විටම ඉතා කාරුණික පෙනුමක් තිබූ කාන්තාවක් පැමිණ

"හුරතල් පාට පුතෙක්නෙ...එන්න මැණික...."

යැයි පවසා මාව වැලදගත්තාය. නපුරා එක්වරම අඩි පොලවේ ගසා එතනින් ඉවතට ගියේය.

"මට අම්මා කියන්න පුතේ....ඒ එයාගෙ හැටි.....පස්සෙ හරි යයි..."

කියා මගේ අතින් අල්ලාගෙන නිවසට කැදවාගෙන ගියාය.
       

  TO BE CONTINUED
   If u like it...i can continue 😊❤️

Wanna Be Mine Or Not💜️(completed)Where stories live. Discover now