අප දෙදෙනාගේ විවාහයෙන් වසරක් පමණ ගෙවී ගොස් ඇත.මේ කාලය තුලදී රණ්ඩු සරුවල් නොතිබුනාද නොවේ...නමුත් අප දෙදෙනාගෙ අවබෝධය නිසා ඒවා දුර දිග නොයා කෙසේ හෝ විසදා ගත්තෙමි.
මා මේ වන විට පෞද්ගලික ආයුර්වේද වෛද්‍ය මද්යස්ථානයක් පවත්වාගෙන යන අතර අයියා සගරාවක නිත්‍ය වනජීවි ඡායාරූප ශිල්පියකු ලෙස ක්‍රියා කරයි.අප දෙදෙනාම සැහැල්ලුවෙන් සහ ආදරණීය ලෙස ජීවිතය ගත කරන්නේ මා කලක් සිහින දැකි ආකරයටම වේ.
දිනක් වැඩ නිම වී නිවසට පැමිණ රාත්‍රි ආහාරය සූදානම් කරමින් සිටියේ අයියාගේ ප්‍රමාදය ගැන සිතමිනි. මද වෙලාවකින් අයියාගේ යතුරුපැදිය නවත්වන ශබ්දය මා හට ඇසුණෙන් මා දොර විවර කිරීමට යන විට අයියා පමණක් නොව තවත් වාහනයක් පැමිණ තිබුනේ මා පුදුම කරමිනි.එහි අයියාගෙ කාර්යාලීය සගයන් යැයි කිවහැකි තරුණියන් දෙදෙනෙකු හා තරුණයන් තිදෙනකු සිටින බව පෙනිණ. අයියා ඉක්මනින් මා අසලට පැමිණ
" යුවී, මේ අපෙ ඔෆිස් එකේ යාලුවෝ ටිකක් "
යැයි පවසා ඔවුන්ව නිවසට කැදවාගෙන ආවේ මා හට ඉගි කරමිනි. නමුත් අයියා වෙනත් දින වලදී මා හට යුවී පමණක් පවසන්නේ නැත.ඔහු අනිවාර්යයෙන්ම යුවී මැණික හෝ යුවී බෝලේ යනුවෙන් මා අමතයි.ඒ පිළිබඳ මා කල්පනා කරමින්ම නිවස තුලට පැමිණෙන විට එතැන සිටි අක්කා කෙනෙකු"අනේ ශෝයි මල්ලි බබෙක්නෙ ඔයාට ඉන්නෙ අශ් "
කියා කීවේ මා පුදුම කරමිනි.මක් නිසාද යත් අයියාගේ යාලුවන් සියල්ලම පාහේ ඔහුගේ නමේ දිමුත් යන කොටස භාවිතා කරන නිසාවෙනි.එමෙන්ම ඇය සිතා සිටින්නේ මා අයියාගේ සහෝදරයා බවයි.එහි අර්ථය අයියා විවාහක බව ඔවුන් නොදන්නා බවයි.මා මහත් වේදනාවෙන් අයියා දෙස බලන විටම අර අක්කා"අශ්, මං ඔයාට උදව් කරන්නම් තේ හදන්න"
යනුවෙන් පවසා අයියාව ඇදගන කුස්සියට දුවගෙන ගියේ අයියාට කිසිවක් කීමට ඉඩ නොතබමිනි.මාගේ දෙනෙත් වල කදුලු පිරුණෙන් මා උඩු මහලට දිව ගොස් කාමරයේ දොර වසා ගත්තේ වටපිටාවේ කිසිවක් නොතකමිනි.
මා මහා හඩින් හඩන්නට වූයේ අයියා එසේ කරේ කුමටදැයි සිතා ගැනීමට නොහැකිවයි....එක්වරම මගේ දෙනෙත් පියවි ගියේ හාත්පසම අදුරු කරමිනි.
මා නැවත දෙනෙත් හරින විට දැනුනේ මා රෝහලේ සිටින බවයි.අසීරුවෙන් දෑස් විවර කරන විට අයියා මා අසලින් ම හිස තබාගෙන මාගේ එක් අතක් අල්ලාගෙන සිටින බව දුටුවෙමි...නමුත් එක්වරම පෙර සිදුවීම සිහියට පැමිණි බැවින් එක්වරම අත ඇදගත්තේ අයියාව තිගස්වමින් අවදි කරමිනි.
අවදි වූ ඔහු මා දෙස ඉදිමී ගිය දෙනෙත් වලින් බලා"මට සමාවෙන්න වස්තුව...මට කියන්නකෝ මොකද උනේ කියලා යුවී මැණික"
යනුවෙන් කී විට මා "
"yuwii...its just yuwii...not yuwii manika"
කියා කීවේ අයියාව තිගස්වමිනි.මන්ද මා කිසි දිනෙක එම ස්වරයෙන් ඔහුව අමතා නැත.මාගේ දෙනෙතේ හිස් බැල්ම දෙස බලා අයියා සුසුමක් හෙලා" ඒ මගෙ යාලුවෙක් විතරයි බබා....ඒකි අලුතෙන් ආවෙ ඔෆිස් එකට...එකයි දන්නෙ නැත්තෙ...අනිත් උන් ඔක්කොම දන්නවා ඔයා මගෙ හස්බන්ඩ් කියලා.මං ඒකිට හොදවයින් දෙකක් කියලා එනකොට තමයි උන් කිව්වෙ මගෙ වස්තුව අඩාගෙන උඩට ගියා කියලා...ඇයි මැණික දොර ලොක් කරගත්තේ...මට දොර කඩාගන්න වෙලා ගියා නම්....උබට මොනවා හරි උනා නම් මං මොකක්ද කරන්නෙ බබී...එතනින් එහාට මාව පිස්සෙක් වෙයි....ආයි එහෙම කරන්න එපා මැණික....මාව අවිශ්වාස කරන්න එපා වස්තුව...මට වෙන උන්ගෙන් වැඩක් නෑ...මට උබව විතරයි ඕනි.ප්ලීස් බබී ආයි එහෙම කරන්න එපා"
කියමින් හඩන්නට වූයේ මාගේ දෑසින්ද කදුලු ගලන විටයි.මා එක්වරම අයියාට තුරුල් වූයේ මහා හඩින් හඩමින්මය...
"මං ආදරෙයි අශ් ..මාව දාල යන්න එපා...."
කියමින් තවත් ඔහුට තුරුල් උනෙමි. අයියා
මාත් ආදරෙයි යුවී මැණික"
කියා මාගේ නලලත සිපගත්තේ මහත් ආදරයෙනි.
🤭💜️❤️
YOU ARE READING
Wanna Be Mine Or Not💜️(completed)
Short Storyසද එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැසනොයන් මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්❤️