3❤️

348 64 23
                                    

"අප්පා........"

මම මගෙ  ... ඔව් මගේ ගෙදරට එනකොට ඔම්මයි අප්පයි දෙන්නම හිටියෙ ලිවින්ග් රූම් එකේ..

සූට් කේස් එකක් අතින් අරන්  ජංග්මිවත් වඩාගෙන එන මාව දැකලා ඒ දෙන්නා ඉඳගෙන හිටපු පුටු වලින් නැගිට්ටෙ හිනා වෙලා උනත් මගෙ කඳුලු පිරිච්ච ඇස් දැකලාද කොහෙද ඒ හිනාව  අතුරුදහන් වෙලා ගියා.

"වොන්හී..............  ඇ... ඇයි මේ......... "

"ඔම්මා මම ජංග්මීයාව රූම් එකෙන් තියලා එන්නම්  .. "

.
.
.

"මම ඕකව නැති කරලා දානවා.. !!"

මම ඔම්මටයි අප්පටයි හැමදේම කීවාම අප්පා කෑගැහුවෙ එහෙම. ඔම්මා මාව තුරුල් කරගත්තෙ එයාගෙ ඇස් වලිනුත් කඳුලු වැටෙද්දි...

"කේන්ති ගන්න එපා අප්පා..
ඒක එයාගෙ කැමැත්ත .... මම ඩිවෝර්ස් එක එයාට දෙනවා.
අප්පට පුලුවන් නේද මිස්ටර් ලී ට කියලා පේපර්ස් රෙඩි කරන්න... "

"ඒත් වොන්හියා..... ජංග්මී.. එයාට අප්පා කෙනෙක් ඕනෙ.. එයා තවම පුංචි දරුවෙක්.."

"එයා අපි දෙන්නවම අත ඇරලා ඉවරයි අප්පා..  එයා වෙන ජීවිතයක් පටන් ගෙන. හැඟීමක් නැතුව එයාව මේ බැඳීමෙ හිරකරන් ඉන්න එකෙන වෙන්නෙ එයයි මමයි  ජංග්මීයි අපි තුන්දෙනාම දුක් විඳින  එක. "

ඔව් .....එයාව තව තවත් හිර කරන් ඉඳලා පලක් නෑ  මොකද එයාගෙ හිත තියෙන්නෙ ජීවුන් ගාව... මට එයාව අයිති නෑ තවත්.. එයාව මම බලෙන් තියා ගත්තත් එයා මට තව තවත් වෛර කරන එක විතරයි වෙන්නෙ.

"ඔයාගෙ කැමත්තක් දරුවො... ඒත් මම කවදාවත් හිතුවෙ නෑ ආඅජංකුක් එහෙම කරයි කියලා. "

ඔම්මා එහෙම කියද්දි මගෙ හදවතත් හිරි වැටිලා ගියා.. මමත්  ඔම්මා මමත්...

අපි අවුරුදු දහසයක් ආදරේ කලා.. ඒත් ඒක ඇත්තටම ආදරයක්ද..  මට හිතාගන්න බෑ .......

.
.
.
.

ජීවිතේ හරි පුදුමාකාරයි .. සතුටින් හිටපු හිතක්  ඉතිරි ජීවිත කාලෙ පුරාම වේදනාවකින් පෙලෙන් හිතක් වෙන්න ගත වෙන්නෙ තත්පර කීපයක් විතරයි.

ශටර් එකට ඔලුව තියන් මම කල්පනා කලේ  මම ගැන...

අද මම සෝල් වල ඉන්න අන්තිම දවස වේවි. මම බැලුවෙ මගෙ අත් වල ගුලි වෙලා ඉන්න මගෙ රෝස පැටික්කි දිහා.

EOMMA ❤️  [JJK ] [Completed ]✔️Where stories live. Discover now