"Well ............අද අපි එක්ක එකතු වෙලා ඉන්නෙ best buissness woman of the year අවෝර්ඩ් එක මේ වසරේ දිනාගත්
ceo of kang co-oparations and founder and president of hotel rose garden mrs . Kang wonhee...... ""ඔබතුමිය මේ පසුගිය වසර දහය ඇතුලත hotel rose garden ජේජු වල ඉදිකරලා ගත්ත ආරම්භය මුලු ආසියාවේ හැම රටකම වගේ පැතිරිලා ගියා නේද.. ඉතිං ඔබට ඒ ගැන ස්තූති කරන්න කාවවත් නැද්ද.?. "
"ඔව් ඇත්තටම මම මගෙ දෙමාපියන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අද මම ඉන්න තැනට එන්න ගොඩක්ම උදව් කලේ මගෙ අප්පයි ඔම්මයි.
ඒවගේම මගේ චූටි දුව ජංග්මී ... මේතරම් කාලයක් මට තනියම නැගිටින්න ශක්තිය දුන්නෙ එයා.. ඉතිං මම එයාලාට තමා මේ සම්පූර්ණ ගෞරවය ලබා දෙන්නෙ.. ""Ok mrs වොන්හී...... ඔබතුමිය ඔබේ තිහේ දශකයේ හිටියත් තාමත් ගොඩාක් රූමත්... කව්ද ඔබතුමියගෙ සහකාරයා.. "
නිවේදිකාව එහෙම අහපු ප්රශ්නෙත් එක්ක මම ගොලු උනා..
මම මොනාද ලෝකෙට කියන්නෙ. මම දික්කසාද ගැහැනියක් කියලද....
කමක් නෑ..
මම ඇත්තට මූන දෙන්න බය නෑ........"ඇත්තටම මට සහකාරයෙක් නෑ.. "
"ඔහ් සමාවෙන්න... එහෙනම්.- "
.
.
.හොටෙල් rose garden වල කරපු ඉන්ටවීව් එක ඉවර කරලා මම ඉක්මනට ආවෙ අද ජංග්මී එක්ක ඩිනර් එකට එලියට යන්න පොරොන්දු උන නිසා..
ඒත් හරි අහම්බෙන් වගේ මම එයාව දැක්කා.. මේ අවුරුදු දහය ඇතුලත මම එයාව දැකපු වාර ගාන අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.
දැන දැනම පලගැටියෙක් වගේ ගිනිදැල්ලට පැනලා පිච්චෙන්න මට උවමනාවක් කොහෙත්ම තිබ්බෙ නෑ.. ඒනිසා එයා ගැන ගිය නිවුස් පවා මම මග ඇරියා.
ඒත් මොන දේ කලත් වෙනස් වෙන්නැති එක දෙයක් තාමත් මගෙ හදවතේ තියනවා ......
ඒ මම එයාට දීපු ආදරය........
මාව දැකපු එයා වෙනදා වගේ නැතුව මම ගාවට දුවගෙන ආවෙ මට කරකියාගන්න දෙයක් නැතිවෙද්දි.
"ව්.. වොන්හී.......... "
" මිස්ටර් ජොන්............... "
මම එයාට ටිකක් තදින් කතා කලා. එයා දැන් මැරීඩ් කෙනෙක්. එයා එක්ක සුහදව කතාකරන්න දැන් මට බෑ.........
YOU ARE READING
EOMMA ❤️ [JJK ] [Completed ]✔️
Fanfictionලෝකයාට රහසේ හඬනා දිරිය මව්වරුන්ගේ ස්වකීය ශෝකාලාපය. #eomma