part 12

157 13 3
                                    

"එයා... අර මිට්ස්ට ලී...... එයා එනවා... එයා හැමදාම ආවා... මම ඔයාට කියන්න හිටියෙ ඒත් බැරි උනානෙ..."

"කවදද ආවේ....?"

"ඊයෙත් ආවා අදත් ආවා... දවස් දෙක තුනක්ම එක දිගට ආවා..."

"මෙහෙ ගෙදර ආවද...?"

"ඔව්... නෑ... මං කිව්වෙ එයා... අද ආවා... මෙතන බැල්කනි එක ගාවට... ඊයෙ එන්න හැදුවා විතරයි... අනිත් දවස් වල එයා අර ෆුඩ්සියෙ ඉස්සරහට වෙලා බලන් හිටියා..."

"එයාට එහෙම එන්න බැනෙ... එයා හිරේනෙ ඉන්නෙ...."

"නෑ අනේ අහන්නකො... එයා තමයි ඒ... මට හොදටම විශ්වාසයි... ඒ එයාම තමයි..."

"නෑ පැටියො... නෑ..... ඒ එයා නෙවෙයි... එයා වෙන්න බෑ...."

"නෑ.... එයා තමයි... එයා මාව දන්නවා... මට එයාගෙ කටහඩ... හිනාව හොදට පුරුදුයි...."

"අද එයා ඔයාට මොනාද කිව්වෙ..?"

"එයාට මාව ඕනෙ නැලු... එයාට ඕනෙ ඔයාවලු... ඔයාව අල්ල ගන්නවලු..."

"එයාට බැනෙ පැටියො මාව අල්ල ගන්න.... මම පොලිස්සියේ කෙනෙක්... හදිස්සියක් උනොත් ඕනෙ දේකට හැම වෙලේම මම රෙඩි..."

"ඒ උනට... ඔයා දන්නෙ නෑ එයාගෙ හැටි..."

"ඇයි ඔයා මට ඒ දේවල් මීට කලින් කිව්වෙ නැත්තෙ...?"

"මම ඔයාට කියන්න හැදුවා..."

"කවදද...?"

"අර.... අර එදා රෑ.... පස්සෙ එදා බැරි උනු නිසා.... අර හොස්පිට්ල් ගිය දවසෙත් හැදුවා... එදාත් බැරි උනා..."

"හරි... හරි කමක් නෑ... එයා ආයි එන්නෙ නැති වෙයි... සමහරක් විට... කියන්න බැනෙ... ඒක කවුරු හරි කරපු විහිලුවක් ද කියලා..."

"නෑ ජුන්කුක්.. නෑ... ඔයාට මාව විශ්වාස නැද්ද...? ඒ එයාම තමයි................"

"නෑ පැටියො.. මම ඔයාට එහෙම කිව්වෙ නෑනෙ... මට ඔයාව විශ්වාසයි..."

"අනේ මට ආපහු නම් බෑ එහෙ යන්න... ඊට වැඩිය හොදයි මැරෙන එක..."

ජුන්කුක්ට මේ වෙලෙ ටිකක් කේන්ති ගියා. ජුන්කුක්ට එක පාරට එයාගෙ කේන්තිය ඉවස ගන්න බැරි වෙලා දොරට අතින් ගැහුවා. තෙයොන් මේ වෙලෙ බය වෙලා කන් දෙකත් වහ ගෙන බිමට පාත් උන.

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now