හැදින්වීම

557 57 10
                                    

තාලෙකට හඩ නගමින් කඩා හැලෙන වැස්ස රාත්‍රියෙහි තනි මකනා සදත් වසාගෙන තිබූ අතර කවුලුවෙන් එන පිනි හිරිකඩ වල තිබුනෙ අමුතු රිද්මයක් .. වැස්සට යට වුනු පරිසරයෙන් කොතරම් එලිය දෙස බැලුවත් අවට කිසිවක් බැලීමට තරම් දර්ශනය පැහැදිලි වූයේ නැත... සුදු ලයිට් එලියෙන් ආලෝකය ලැබූ ලා නිල් පැහැති පිලිවෙලකට තිබූ කාමරයෙ දොර  රෙද්ද ඈත් මෑත් උනෙ මෙතෙක් වෙලා වැස්සෙ හඩට තාල තබමින් කවියක් මුමුන සිටි සුන්දර තරැණයාගේ අවදානය බිද දමමින්  ...

" කන්නෙ නැද්ද.... සුදු පුතා... එන්න බෙදන්නද මං ? "

" මං එන්නම් අම්මා.... තව ටිකයි පාඩම් කරන්න තියෙන්නෙ මං ඉක්මනින් එන්නම් යංකො බෙදන්නකො මට ගිහින් "

"ම්ම්ම්ම්......... හරි හරි "


දොර රෙද්දෙන් එබුනු තරැනයා ගෙ අම්මා එසේ කියමින් යන්නට යද්දී....ඔහු ගෙ තොල් අතර ඇති වූයේ ආදරණීය හිනාවක් එලෙසම පොත වසා පැත්තකට දැමූ ඔහු ඇද සිටි කොල පැහැති පසුබිමෙ කලු පැහැ රටා ගිය සරමත් හදාගන්න ගමන් කුස්සිය දෙසට පැමිනියේ හිමින් අඩි තියමින්....

ඇද සිටි කමිසයෙ බොත්තම් දාන ගමන් පැමිනි තරැනයා ඔහුගෙ මවගෙ උරහිස්සට උඩින් එබී බැලුවේ අම්මා උයපු කෑම මොනාද කියලා බලමිනි...තමන්ගෙ අම්මා හොරෙන් හොරෙන් තම බත් එකට එලවලු වැඩියෙන් බෙදන අයුරැ දුටු ඔහුගෙ මුවෙහි සිනහව තවත් වැඩි උනා...

" ම්ම්ම්....... දැන් කාලෙ බත් වැඩියෙන් කන්න ඕනි මේ වයසෙ හැදෙන කෙල්ලො.... කොල්ලොන්ට නම් අල බතල හරි අවුලක් නැ ! "

අතට ගත් බත් පිගාන සමග කුස්සියෙහි වූ පුටුවකින් ඉදගත් ඔහු බත් කටක් අනමින් බිමට දැමුවෙ ඔහුගෙ කකුල් අතර දැවටෙන කලු පැහැති පූසාව පෙන්නන ගමන්

" එහෙනම් ඔය බත් එක හැදෙන ලමයින් ට දෙන්නකො එතකොට හරි නෙ අයියේ ! "

අම්මාගෙ පුතාගෙ කතාබහට ඇහුම්කන් දීගෙන සිටි පුංචි කෙල්ලෙක් කුස්සියෙ දොරකට ලගට ඇවිත් විශාල පඩිය වෙත පනිමින් පැවසුවෙ ඇයගෙ අයියාගෙ බත් එකෙහි වූ පපඩමක් අරන් කටේ දාගන්න ගමන්....

" අවී.......  සුදුපුතාට කන්න දීලා...මෙහෙ වරෙන් චූටී මෙන්න මේ බත් එක්ක කන්න...අනික අයියා හෙට තරගෙකට යන්නයි ඉන්නෙ !"

පූර්ව 🌛 > °°> [ taekook ] Where stories live. Discover now