පූර්ව 🌛 = 2

219 42 8
                                    

මේ ඔබේ විවේක කාලයයි
This is your time for interval

නිහඩ ව තිබූ පාසලේ විවේක කාලයත් සමග ලමයින්ගෙ උද්‍යෝගමත් හඩින් පාසල පිරීගියා... මෙතෙක් වෙලා කලාගාරයෙන් ඇසුනු බෙර පද හඩට සවන් යොමා සිටී ඔහුගෙ දෑස් පොත දෙසට බර වුනා......

"  අඩෝ කන්න යමන් ......... "

උසස් පංතියක සිසුවෙක් යැයි පැවසිය හැකි තලෙලු සමක් සහිත සුදු කොල්ලෙක් උඩ පනිමින් දුවවිත් පොත දෙස නෙත් යොමා සිටි තරැණයාගෙ පිටට වැරෙන් පහරක් එල්ල කරද්දි ඔහුගෙ මුවින් නොසන්සුන් හඩක් පිට වුන

" අහ්...... මං එන්නම්..... ! "

ඔහු එසේ පැවසූ විට අනික් සිසුවා ඔහුගෙ අතේ වූ පොත උදුරාගත් විට කොතරම් එය ඉල්ලුවත් අනික් සිසුවා එය දීමට අකමැති වූ බැවින් එම තරැනයා ට සිදුවුනා වැඩේ පැත්තකට දාලා නැගිටින්න...
නලලට වැටුනු කලු සිනිදු අකීකරැ කොන්ඩය....සුදු දිග කලිසම කලු පැහැ නැව් සපත්තු දෙක අතේ වැලමිට හරි යෙන් නමන ලද දිග අත් ඇති සුදු කමිසය... කමිසයේ සාක්කුවේ අල්ලන ලද නිල් පැහැ පාසල් බැජ් එක...ඊට යටින් රන් යකඩ තීරැ දෙකක් සහිත පාසල් හෙඩ් ප්‍රිෆෙක්ට් බැජ් එක වගෙ ම නහර පිරැණු සුදු අත් ඒ මූනෙ නපුරු පෙනුම තවත් වැඩි කරා

යශේන් අපූර්ව .....

විස්තර ව කිව්වොත් පෙනුමින් නපුරැ කඩවසම්....කාගෙත් හිත හොරාගත් හැමදේටම දක්ෂ වගෙ ම පාසලේ කීර්තිමත් ප්‍රධාන ශිෂ්‍යානායක ....
යශේන් හැම අතින්ම පර්ෆෙක්ට් උනා වගෙ ම දක්ෂ උනා.....
භානුගෙ අතේ තිබ්බ පොත උදුරන් ඩෙස් එක අස්සෙන් තිබ්බ යශේන් භානුගෙ කරින් අතක් දාගෙනම කොරිඩෝව දිගේ ඉස්සරහට ගියේ කැන්ටිමට යන්න

උදේ තිබ්බ තෙත බරිද බව දවල් වෙන්න නැති වෙලා තිබුනා...
කොට්ටම්බා ගස් වල රතු පාට පත්‍ර එක දෙක හැලෙමින් අලුත් කොල දලුලමින් තිබුනා.. අඹ ගස්වල අඹ ගැට පිරිලා තිබුන....කනේරැ අතු මල් වල බරට පල්ලෙහාට බර වෙලා ඒවා අස්සෙ සමනල්ලු පිරිලා......ලමයි එකා දෙන්නා පංතිවලින් එලියට පැනලා සෙල්ලන් කරමින් හිටියා...
කැළණිතිස්ස ගස් අස්සෙන් වූ කැන්ටිමේ ලමයි පෝලිම් ගැහිලා ඉද්දි භානුකයි යශේනුයි කැන්ටිම පිටිපස්සෙන් ගිහින් කැන්ටිමට එබුනා.....

පූර්ව 🌛 > °°> [ taekook ] Kde žijí příběhy. Začni objevovat