හයවෙනි වර්ෂාව

339 45 1
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

____________________________________________

                       

     "ලොකු අප්පච්චී.. කෝ නැගිටින්නකෝ... මේ බලන්නකෝ මෙහේ..."

                                  මං ලොකු අප්පච්චි ගාවට වෙලා, එයාගේ අතට කොච්චර ඇගිල්ලෙන් ඇන්නත් එයා නෙවේ නැගිට්ටේ... මං පට්ට හැපි එකේ දුවන් ආවේ එයාටත් සුදූ ආවා කියලා නිවුස් එක කියන්න... කෝද ඉතිම් මේ ලමයගේ තාමත් කිසි උනන්දුවක් නෑනේ.. ඕම පුලාම්ද ...

"බලන්නකෝ ලොකු අප්පච්චි මේ... සුදූ ඇවිත්."

                                       මං කිව්වේ, මේ කියන දේ අහන්නේ නැති නාකම නාක ලොකු අප්පච්චියා ඇහැරෙන්නෙ නැතිම තැන.. ඇයි අප්පා මං මෙච්චර කතා කරනවා... සත පහකට ගණන් ගන්නෙ නෑ මේ සූටි මාව..  මං හිතුවේ සුදූ ආවා කිව්වමත් නෑහුනා වගේ ඉදියි කියලා.. ඒත් කොහේද,??? මගේ වචන වල මොන මැජික් එකක් තිබුනද මන්දා, මෙච්චර වෙලා මුරණ්ඩු බබු කොටයක් වගේ දොයියගෙන හිටපු එයා ඇස් ඇරියේ තත්පරේට හැටේ වේගෙන්..

"කෝ කෝ මගේ සුදු පුතා.. "

                ලොකු අප්පච්චි කරන්ට් එක වැදුනා වගේ ඇදේ කෙලින් වෙලා මගෙන් ඇහුවේ පිස්සෙක් වගේ වටපිට බල බල.. එයාගේ නොඉවසිල්ලෙන් නලියන ඇස්, සුදූ මල්ලී නැතුව මොන තරම් වේදනාවක් මේ මනුස්සයා විදිනවද කියන්න මට සාක්ෂි හදලා දුන්නා.. පව්... ටිකක් නෙවෙයි .... මහා හුගාක් පව්...

"ඔහේ නෙවෙයි අප්පා.. මේ එයා මෙතෙන්ට ඇවිල්ලා... "

                           හරි සිහියක් නෑ වගේ හැසිරෙන ලොකු අප්පච්චිව දැක්කම මට ගොඩක් දුක හිතුනත් කාමරේ වටේම තේරුමක් නැතුව ඇස් කරවන ලොකු අප්පච්චිගේ අත ඇදලා අරන් මං මගේ බඩ උඩින් තියාගත්තේ මං ප්‍රෙග්නන්ට් කියලා එයාට අගවන්න.. ඒත් අන්තිමේ ඇත්තටම එයාගේ සුදු පුතා කාමරේ නෑ කියලා තේරුනාම ලොකු අප්පච්චිගේ මූණ මහා දුකකින් වැහිලා ගියා.. සුදූ නැති දුක, මං එයාව රවටපු කේන්තිය, බොරු කිව්ව එක ගැන කළකිරීම පාට වෙනස්වෙවී එයාගේ මුණෙන් වෑහුනත්, මට ඔක්කොම එපා උනේ එයා ලොකු බලාපොරොත්තු කඩවීමකින් එයාගෙ අත ආපිට ඇදලා ගනිද්දී.. ඒ ඇස්වල තත්පරේකට කලින් දැල්වුන එලිය නිමිලම යනකොට මං ආයෙම ලොකු අප්පච්චිගෙ අතින් අල්ලගත්තා..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now