❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️___________________________________________
DAY 2
----------
සෝක්.. අද මං නැගිටින්නත් කලින් අර මහෝත්තමයා වැඩට ගිහින්.. මං මූණ දකියි කියලා වෙන්ටැ... මෝඩ මේඝ.. මං අතේ තිබුනු බ්‍රෂ් එක අහකට විසික් කලේ සුදු පාට පොලොවෙ ඉදගන්න ගමන් ... මේඝ නැති එකේ ගේ පොඩ්ඩක් අස් කරමු කියලා යෝජනාව ගෙනාවෙ අපේ සේෂ් නාගයා.. හිටිය එක දවසට මගේ වැඩ හින්දා මේ ගෙදර කිළුටු උනේ නැති තැනක් හොයාගන්න බැරි තරම්... මේඝටත් පිස්සුනේ සුදුම පාට ගාගෙන හැම තැනම.. පුංචි පැල්ලමක් තිබ්බත් හොදට පේනවා..
"ඒ පාර මොකද මහන්සිද ??"
යුවීන් අයියා ඇහුවේ එයාගේ අතෙ තිබ්බ මොප් එක පැත්තකින් තියන ගමන්... මහන්සිනම් තමා.. ඒත් හිතට ඊට වඩා පාලුවක් දැනුනා මේඝව උදේ ඉදන් දැක්කෙ නැති නිසා.. මං දැනටම එයාට ඇබ්බැහි වෙලාද කොහේද?
"ම්හූ අයියා...
අපි එයාව බලන්න යමුකෝ.. 🥺"මං ඉල්ලුවේ අයියත් මගේ ලගින් වාඩි වෙද්දී...
"කාවද?"
අයියාකාරයා දන්නෙ නෑ වගේ අහනකොට තමා ඉතින් ගගේ මාලු ඇගේ නටන්න ගන්නෙ..
"මේඝව.."
මං සුදු පාට පොලොවට රව රව කියද්දී සේෂ් නාගයා මාව බදාගත්තා..
"මේඝ වැඩ ඇතිනේ බබා... අනික එයා හවසට ගෙදර එනවනේ.. "
අයිය කිව්වෙ මගේ හිස් මුදුන ඉබින ගමන් .. මං එයාගේ ආසම කිස් එක.. ඒත් අද ඒකටවත් මගේ හිතේ තියන පාළුව යවන්න බෑ...
"ඒ උනාට එයා නැතුව පාලුයිනේ.. එයාට වටින්නෑ මේම උදේ පාන්දර වැඩට යන්න.. මූණවත් බැලුවෙ නෑ මගේ .."
මට ඇඩෙන්න වගේ ආවා සේෂ් නාගයට ඒ ටික කියද්දි.. මොඩ මේඝ මාව වශී කරන්..
"ම්ම්ම්ම්.. දුකයිද ඔයාට.. ?? "
සේෂ් නාගයා ඇහුවේ මගේ නලලටත් කිස් එකක් දීලා...එයා ඉතිම් ආස නෑ මං දුකෙන් ඉන්නවට...
"සුට්ටක් ... අයියා එයා මට ආදරේ වෙයි නේද??... 🥺
මං නම් එයාට ගොඩාක් ආදරෙයි"
DU LIEST GERADE
වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටස
Romantik❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත් මේඝගෙත් ඉරණම විසදන්න