යුගාන්ගේ බර්ත්ඩේ එක හරියම ඉරිදා වැටිලා තිබුනු නිසා තීනූ උදේම ලෑස්ති උනේ බර්ත්ඩේ පාර්ටි එකට යන්න තමන්ගේ අම්මගෙන් පර්මිෂන් ඉල්ල ගන්න . යහපත් දරුවෙක් විදිහට උදේ හයට නැගිටලා දත් ටිකත් මැදලා කෙලින්ම නා ගත්තු තීනූ රෝස කැලෙන් ආව කුමාරයෙක් වගේ කුස්සියට බඩ ගාන්න ගත්තේ මේ වෙලාවෙදි තමන්ගේ අම්මා ඉන්නේ කුස්සියේ කියලා තීනු ඉර හද වගේ දැනන් හිටපු නිසා .එක පාරටම කුස්සියට නොයා හිමින් සැරේ හොම්බ දලා තමන්ගේ CCTV ඇස් ගෙඩි දෙක වටේ යැව්ව තීනු බැලුවේ මේ ලග පාත තමන්ගේ නංගි ඉන්නවද කියලා මොකද මන්දාරමී ඉන්න වෙලාවක තීනු අම්මා ගෙන් පාර්ටි එකට යන්න පර්මිෂන් ගන්න ගියොත් අනිවාර්යයෙන්ම මන්දාරමී තමන්ට මොකක් හරිම ගුලියක් අඹරනවා කියලා තීනු දැනන් හිටියා . සතුරන් ගෙන් හිස් වී පතය පැහැදිලිව තිබුනු නිසා තීනු හිමින් සීරුවේ කුස්සියට අඩිය තිබ්බා .
තීනුගේ අම්මා උදේට කන්න ඉදි ආප්ප වලට පිටි අනන ගමන් හිටියේ . සද්ද නොකරම අම්මා ගාවට ලං උනු තීනු එක පාරටම අම්මව පිටි පැස්සෙන් බදා ගනිද්දි තීනුගේ අම්මා දැන ගත්තා මේ ඇවිත් ඉන්නේ තීනු කියලා . කවදාවත් නැතුව තීනු තමන්ගේ අම්මව බදා ගෙන උම්මා එකකුත් දෙද්දි ගොනා හැරෙන්නේ පොල් පැලේට තමා කියලා තීනුගේ අම්මට තේරුන් ගියා . හැම එකාටම අම්මට ආදරේ කරන්න මතක් වෙන්නේ මොනවා හරිම ඕනේ උනාම කියන එක නම් ඇත්තක් ..
" දැන් මොකද ඔය ලොකු මහත්තයා මේ කුස්සිය පැත්තේ ආවේ "
" වෙන මොකටද ඉතිම් මගෙ සුද්දිව බලන්නනේ "
තීනූ තමන්ගේ අම්මව තව ටිකක් තදින් බදා ගෙන කියද්දි තීනුගේ අම්මා නම් හිනා උනේ තීනු ඔහොම හිටියට හෙන ඇට්ටරයා කියලා දන්න නිසා .
" ඔච්චර බටර් ගාන්න එපා බං මොනවද ඕනේ ? "
" එහෙම මුකුත් ඕනෙ නෑ මම මේ ටිකක් ආදරේ කරන්න ආවේ "
" අනේ උබේ නල්ල මලේ ආදරේ !! අම්මට ආදරේ දෙන්න මතක් වෙන්නේ මොකාක් හරිම ඕනේ උනොත් විතරනේ "
" ඔය ඉතිම් ඒකනේ සුද්දි එක්ක කිසි දෙයක් කරන්න බැරි ආදරේ දුන්නත් වැරදී ආදරේ නොදුන්නත් වැරදී !! "
YOU ARE READING
සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂
Non-Fictionප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය - සිහින ඔච්චම් - " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ " " ආදරේ හාර හාර හොයන්න උබ...