• තිස්වන දිගහැරුම •

423 91 101
                                    

" එහාට පලයන්කෝ යුගාන් මගේ අස්සෙම ඉන්නේ නැතුව "

" මේක බස් එකක් යකෝ එහාට යන්නේ මම උබේ රෙද්ද අස්සෙන්ද ?? "

තීනුලගේ ගෙදර යන්න දෙන්නම බස් එකට නැග ගත්තට මොකද බස් එකේ ඇගිල්ලක් ගහන්න වත් ඉඩක් තිබුනේ නැහැ . සැමන් ටින් එකක් පැක් කරලා වගේ කොල්ලො දෙන්නත් ෆුට් බෝඩ් එකෙන්ම එල්ලුනේ දැන් ගෙදර යන්න බස් එකට නැග්ගේ නැත්තම් ආයේ ඉතිම් අනිත් බස් එක එනකල් පැයක්ම බලන් ඉන්න සිද්ද වෙන නිසා .

තීනුට ඉඩ නැතුව කොච්චර වත් යුගාන්ගේ කකුල පෑගුවත් යුගාන් නම් තීනුට වචනයක් වත් කිව්වේ නැහැ . ඒත් යුගාන්ගෙ අතින් වැරදිලා වත් තීනුගේ කකුල පෑගුනොත් තීනු බස් එකේ කියලා වත් නොබලම යුගාන්ට කෑ ගහන්න ගත්තා . තීනු මොනවා කිව්වත් මේ කනෙන් අහලා අනිත් කනින් පිට කරලා යුගාන් පාඩුවේ හිටියා .

" බස් එකේදි හරි කමක් නැහැ උබට ඕනේ රෙද්ද අස්සේම යන්න නේද "

" මෙතන මිනිස්සු නැත්තම් මම උබට කියනවා ඉතිම් "

තීනුගේ බෑග් එකෙන් ඇදලා යුගාන් අමුතු වොයිස් එකකින් කියද්දි තීනු තමන්ගේ ඇස් දෙක හීනි කරලා යුගාන් දිහා බැලුවා . ඒත් එක්කම දෙන්නම බහින තැනින් බස් එක නතර කරද්දි යුගාන්ටත් කලින් තීනු බස් එකෙන් බැහැ ගත්තා . සාක්කුවට අත් දෙකත් ඔබා ගත්තු යුගාන් තීනුගේ බොඩිගාඩ් වගේ තීනුගේ පිටි පැස්සෙන්ම ආවා .

තීනු නිකන් ඇවිදින්නෙත් වෙඩිල්ල වගේ නිසා යුගාන් ලොකු අඩි තිය තිය තීනු ගාවට ආවා . තීනුගේ අතකින් අල්ල ගත්තු යුගාන් තමන්ගේ අත එක්ක තීනුගේ අත පටලව ගනිද්දි තීනු යුගාන්ගේ අත අයින් කරන්න හැදුවා . ඒත් යුගාන් තීනුට රිදෙන විදිහට තීනුගේ අත තද කරද්දි තීනු යුගාන්ට ඇහෙන නොහෙන ගානට මුමුණ මුමුණ බනින්න ගත්තා .

" මේ මහ පාරේ ගෑණියි මිනිහයි වගේ අත් අල්ලන් යද්දි මේ පැත්තේ ඉන්න උන් අපිට කතා හදයි ඕයි "

" ඉතිම් හදපුවාවේ අපේ ඇගේ ගෑවෙනවද ?? "

" උබේ ඇගේ ගෑවෙන් නැති උනාට මගේ ඇගේ ගෑවෙනවා "

" නිකන් ගොන් කතා කියවන්නේ නැතුව ඉදපන් තීනු බබා "

තීනුව තවත් ලගටම ඇදලා ගත්තු යුගාන් තීනුගේ කරෙන් අතක් දා ගත්තා . යුගාන් දිහා හිමීට උගුඩු ඇහැ දාලා බලපු තීනු සද්ද නොකරම එහෙන්මම යුගාන් එක්ක ආවා . බොරුවට යුගාන්ට කෑගැහුවට යුගාන්ගේ අස්සට වෙලා ඉන්න තීනු හෙන ආසයි . ඒත් තීනුට තියෙන අමුතු ලොකු කමයි පඩි කමයි නිසා තීනු එක පෙන්නන්න ගියේ නැහැ .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now