Sorry for the late updates 🥺💀
කින්ග් සයිස් විශාල යහන මත එයාලා දෙන්නා වැලදගෙනම නිදාගෙන උන්නා. ඔවුන් දෙදෙනාගෙම රූප වලට සාමකාමී බවක් එකතු වෙලා තිබුනා, නමුත් ඉක්මනින්ම අධික ශබ්දයකින් දුරකථන නාද වෙද්දී ඔවුන්ගේ සුන්දර මොහොත විනාශ වෙලා ගියා.
ටේහියුන් අකමැත්තෙන් තම දෑස් විවර කර, වේගයෙන් ඇඳ මේසය මත තිබූ දුරකථනය අතට ගත්තා, "මොකද?"
"තමුන් කොහොමද මට මෙහෙම කරන්නේ? මට පේන විදිහට තමුන්ගෙ ආත්ම විශ්වාසේ හොදටම වැඩී වගේ, හාහ්?"
ටේහියුන් ඇඳෙන් නැගිට්ටා, "ආච්චි?!"
"ඇයි මේ හදිස්සියේ සද්දේ දාන්නේ? ඔයාට අමතකද දැන් ඩේගුවල ඉන්න ඔයාගේ ආදරණීය ආච්චි අම්මව ?"
"නෑ!! අනේ.., ඇත්තෙන්ම නැහැ, ආච්චි!"
වටපිටාවේ සද්ද එක්ක ජන්කුක් තම දෑස් විවර කරමින් කෙඳිරිගාන්නට පටන් ගන්නවා දැකපු ටේහියුන්ගේ දෑස් විශාල වුණා.
"හි-හියුන්ගී..." කොල්ලා මිමිණුවේ ටේගේ ඉන වටේ අත් දෙක තද කරන් එයාගේ පපුවේ මුහුණ අතුල්ලන ගමන්.
"ඒ කටහඬ කාගෙද? ඒ මගේ මුණුපුරාද?"
"ඉන්න ආච්චි, ඔයා කොහොමද දන්නේ ඔයාට බෑනා කෙනෙක් ඉන්නවා කියලා?" ටේහියුන් අවිශ්වාසයෙන් වගේ ඇහුවා.
"මෝඩ පොඩි එකෝ, මම වයසට ගිහින් ඇති, ඒත් මම තවමත් ප්‍රවෘත්ති බලනවා. මගේ මුනුපුරා හරිම හුරතල් වගේම හැන්ඩ්සම්. මම එයාට ආදරෙයි.ඔයා කවද්ද එයාව මාව බලන්න එක්කන් එන්නෙ?"
"හොඳයි..." ටේහ්යුන්ග්ගේ කටහඬ හීනී වුනා, "ආච්චි-" "ෆෝන් එක මගේ මුනුබුරාට දෙන්න. මට එයාගේ කටහඬ අහන්න ඕනේ."
ඒක අහපු ටේහියුනගේ දෙලොව රත්වුනා, "ඇත්තම කිව්වොත්, ජන්කුක් තවමත් නිදිනේ!"
"අනේ ඇත්තද? එයාගෙ නම ජන්කුක් නේද? කොච්චර ලස්සන නමක්ද? එහෙනම් එයාට නිදාගන්න දෙන්න. ඔයා සද්ද නැතුව ඉන්න, ඔයා දැන් ගොඩක් හයියෙන් කතා කරනවා මට ඇහෙන විදිහට. මගේ කුකීට බාධා කරන්න එපා.හරිද"
"හරි. තියන්නම් ආච්චි!" ටේහියුන් ඉක්මනින්ම ෆෝන් එක කට් කරලා ආපහූ මේසය මත තිබ්බා.
YOU ARE READING
𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️
Fanfiction"Look at the mirror, bun. Look at that aroused look of yours, can't you see you're still shivering under my touch? So seductive yet pitiful-" "S-Stop! Let go of me, b-bastard! Answer me, what did you do to the divorce paper?!" "That's wasn't divorce...