2 කොටස

209 37 13
                                    

කලාප තරග ලග නිසා දැන් ස්කෝලේ මියුසික් ප්‍රැක්ටිස් පටන් අරන් තියෙන්නේ. ඒ නිසා මම ගිටාර් එකත් පිටේ එල්ලන් පොඩීවත් එයාලගේ ක්ලාස් එක ගාවින්ම දාගෙන අපේ ක්ලාස් තියෙන පැත්තට ඇවිදන් ගියා

Grade 12, අයට වෙනමයි Grade 13 අයටයි වෙන වෙනම බිල්ඩින් දෙකක් තියෙනවා අපේ ස්කෝලේ.. ඒවයේ තමා ක්ලාසස් තියෙන්නේ..
පහල තට්ටුවේ bio clz දෙකයි Maths clz දෙකයි තියෙනකොට උඩ තට්ටුවේ Commerce clz දෙකයි Art clz දෙකයි තිබුනේ.. අපේ ස්කෝලේ ටෙක් තිබුනේ නෑ..

මේ දවස් වල A/L කරපු අයගේ paper marking නිසා ටීචර්ස් ලත් අඩුයි.. ඉතින් මම ගිටර් එකයි ස්කූල් බෑග් එකයි ඔක්කොම එල්ලන් පඩිපෙල නැග්ගේ ඉක්මනින් ක්ලාස් එකට යන්න හිතන්..

ඒත් හිතුවෙවත් නැති විදියට එක පාරටම මාව කාගේ හරි ඇගේ හැප්පුනා.. ඒ හැප්පුන පාර මාව කෙසේ වෙතත් ඇගේ වැදුනු අනික් එකාව නම් අඩි දෙකක් විතර පස්සට විසි උනාද කොහෙද.. ශැක් උදේට කැද බීලා ආපු හාදයෙක්ද කොහෙද

" කොහේ බලන්ද යකෝ යන්නේ " එක පාරටම මගේ කොලර් එකෙන් අල්ලන් කැද බීපු හාදයා කෑ ගහනකොට මම බැලුවේ උගේ මූන දිහා

වෙන කවුරුත් නෙවෙයි ඒ සසුන්.. සසුන් ශාර්ද් සිල්වා ...
මට කියලා මේ මුලු ස්කෝලෙන්ම ඉන්න එකම හතුරා.. ඇත්තටම කිව්වොත් අපිට හතුරෝ වෙන්න හේතුවක් තිබ්බේ නෑ.. මට මතක විදියට අපි එක වසරට ඇතුලත් උන දවසේ ඉදන්ම තරහයි..ඒකට හේතුවක් ඌවත් මමවත් දන්නෙ නෑ

ස්කෝලේ පුරාම කටකතාව යන්නෙ මියුසික් නිසා අපි හතුරෝ උනා කියලා.. මොකද ඌත් මියුසික් වලින් සමස්ත ලංකා යන්න හෙනම ගේමක් දෙන්නේ.. ඌ AL වලට ආර්ට් තෝරන් මියුසික් කලෙත් ඒකයි.. හැබැයි හැමදාම තරග වලට සිලෙක්ට් උනේ ඌව නෙවෙයි මාව.. ඒ නිසා පොඩි ඇරියස් එකක් නැතුවාම නෙවෙයි.. අපි දෙන්නට දෙන්නා face to face හම්බුනත් එතන රන්ඩුවක්

" කොහෙ බලන් ගියත් තොට මොකෝ " මමත් දත් මිටි කන ගමන් ඇහුවම ඌ තව ටිකක් මගේ කොලර් එක තද කරලා අල්ල ගත්තා

" තෝ දැන් ගානට වැඩී ... බල්ලා " ඌ මගේ මූනටම ලං වෙලා කෑ ගහන කොට මටත් තද උනා

" උබට මං " මම අත මිට මොලෝ ගත්තේ උට හොද පාරක් දෙනවාමයි කියලා හිතා ගෙන

නෙත් මානෙම || TK ( Nonfiction )Where stories live. Discover now