3 කොටස

195 29 4
                                    

කාලය දවස් වලට හැරවිලා ගෙවිලා ගියේ හිතුවටත් වඩා වේගෙකින්..

මේ දවස් වල තත්වේ ගැන කිව්වොත් නම්, සරලවම මට හැරෙන්නවත් වෙලාවක් නෑ.. එහෙන් මියුසික් ප්‍රැක්ටිස් ඒ මදිවට ලබන සතියේ මුලම තියෙන commerce day එක

ඔක්කොටම වඩා ලග ලගම එන sport meet එක.. මම ස්කෝලේ ගේම්ස් කැපා නිසා මට හවුස් එකක් නෑ.. ඒ නිසා හවුස් එක වෙනුවෙන් ස්පෝර්ට්ස් මුකුත් කරන්න නැතත් දරන්න වෙන වගකීම ඕනවට වඩා වැඩී.. එක වසරේ පොඩි එවුන්ගේ Team game එකේ ඉදන්ම බලන්න වෙන්නේ මට, winners ලා තෝරන්න judge board එකට උදව් වෙන්න ඕන.. players ලව එක එක sports වලට එක්කන් යන්න ඕන උන්ව බලා ගන්න ඕන, හවුස් වල වලි විසදන්න ඕන, එක එක ඉවෙන්ට් ඔක්කොම බලා ගන්න ඕන.. මෙඩ්ල්, සෙටිෆිකේට්, අවෝර්ඩ් ඔක්කොම හරියට හදා ගන්න ඕන, ලමයිව ප්‍රැක්ටිස් කරවන්න ඕන , උන්ගේ කෑම බීම ගැන බලන්නෝන, බෙහෙත් හේත් ඔක්කොම ගැන බලන්න ඕන අම්මෝ මතක් වෙන කොටත් නිකම් පිස්සු වගේ

මම ඔලුව ගසලා හරි සිහියට ආවේ මේ වෙලාවේ මං අවධානෙන් ඉන්න ඕන නිසා

මං දැන් ඉන්නේ මියුසික් රූම් එකේ.. මාත් එක්ක සසුන්, ජනිදු , හශාන්, ඉම්රාන් හිටියා.. අපි පස් දෙනා තමා කලාප තරගවලට යන්න අවසානෙටම තේරිලා ඉන්නේ.. ඒත් තරග වලට යන්න පුලුවන් එක්කෙනාටයි.. අපි පස් දෙනාගෙන් එක්කෙනෙක්ව judge board එකේ ටීචර්ස්ලා තෝරලා තමා තරග වලට යවන්නේ.

මට සාමාන්‍යයෙන් ගේමක් තිබ්බේ සසුන් එක්ක විතරයි . අනික් අය අදක්ශයි කියනවා නෙවෙයි. ඒත් සසුන් හැම වෙලේම අනික් අයට වඩා මට හොද ප්‍රතිවාදියෙක් උනා.. මම මියුසික් පැත්තට එන්න කලින් සසුන් තමා අපේ ස්කෝලේ මියුසික් පැත්තෙන් ඉස්සරහින්ම හිටියේ..

මම ස්කෝලේ මියුසික් ඉවෙන්ට් වලට ජොයින් උනේ පොඩී නිසා.. මම ගෙදරදි සිංදුවක් කියනවා ඇරෙන්න ඒ දවස්වල ලොකුවට ඒවා ෆලෝ කලේ නෑ.. ස්පෝර්ට්ස් තමා ඒ කාලේ ඉදන්ම මගේ ජීවිතේම වෙලා තිබ්බේ..
ඒත් මං අට වසරෙ ඉද්දී ස්කෝලේ තිබ්බ මියුසික් ඉවෙන්ට් එහෙකට පොඩී මගේ නම දාලා හොරෙන්ම ඇප්ලිකේශන් එකක් දාලා තිබ්බා.. අන්තිමේදි මට ඒකට ෆේස් කරන්න උනා.. ඕකෙන් පස්සේ තමා මියුසික් පැත්තෙනුත් මම ස්කෝලේ ජනප්‍රිය උනේ. ඒකෙන් මේකෙන් උනේ සසුන් කලින් ගිය තරග වලට පවා මාව තේරුන එක.. ඒක නිසා වෙන්න ඇති ඌ මා එක්ක ඔච්චරම තරහා.. මං දැන් මේ වෙලාවෙ ඕවා මතක් කරන කොටත් ඌ මං දිහා බලන් රවනවා

නෙත් මානෙම || TK ( Nonfiction )Where stories live. Discover now