モㄗ. 13

88 9 0
                                    

"අම්මටසිරි... බලපංකො උඹ ... අද ඉස්කෝලෙ ආවෙත් නෑනේ... "

"හ්ම්... ඉතින් මට‍ 12 වසරෙ පාඩම් වගයක් කව' කරගන්න තිබුණනේ..."

"අඩේ සිරාවට...? පාඩම් කව' කරගන්න...? අනේ මේ පච කෙලින්නෙ නැතුව ඉඳපන්..."

"පච නෙවෙයි බං සිරාවට ම..."

"හ‍රි හ‍රි... දැන් කියපන්කො... මොනවද ක්ලාස් එකේදි වුණේ...?"

"එහෙම කියන්න තරම් විශේෂ දෙයක් නෑ... මිස් වුණ පාඩම ඉගෙන ගත්ත..."

"දැන් පාඩම තේරුණාද...?"

"ඇයි උඹ එහෙම අහන්නෙ...?"

"නෑ මෙහෙමයි...! මට උඹව දැක්ක ම කියන්න පුළුවන් කොල්ල කිසියම් විපර්යාසයකට බඳුන් වෙලා කියලා... උඹ කොහෙද ඔය ඉන්නෙ...?"

භාතිය අයියට නම් ඉතින් මෙලෝ සිහියක් නෑ වොලියුම් වැඩි කරගෙන මහ සද්දෙට නෙතඟ අයියත් එක්ක හිනා වෙවී දිග~ කතාවක... මට‍ තමයි කියන්නෙ සද්දෙට  කතා කරන්න එපා යැයි යැයි කියලා... ඇත්තට ම මුන් දෙන්න මේ මොනව කතා කරනවද මන්ද...
                              භාතිය අයියගෙ මල් කැඩිල්ල දැම්ම ම ඉවර කරන එකක් නම් නෑ... කතා කරන්නෙ නෙතඟ අයියනේ... තාම අර කෙල්ල ආවෙත් නෑනේ... දැන් හැට පැයක් විතර වෙනවා... තාම නෑ... මෙහේ පාරවල් ගැන හරියට දන්නෙත් නැති හින්ද තනියම යන්නත් බෑ... නැත්නම් තනියම හ‍රි යන්න තිබුණ...

"මොන විපර්යස ද බං... පාක් එකේ ඉන්නෙ... මේ මං රෑට ගන්නම්... හෙට උඹ ඉස්කෝලේ එනවනේ...? "

"ඔව් එනවා... මං ඉතින් තමුසෙ වගේ school කට් කර කර ඉන්නෙ නෑනේ... ඒක නෙවෙයි බං... උඹ මොනවද පාක් එකේ කරන්නේ...? තව කවුද ඉන්නෙ...?"

"රෑට ගන්නවනේ... එතකොට කියන්නම්... දැන් තියනවා... පරිස්සමින් ඉඳපන්..."

"උඹත් පරිස්සමින්... "

භාතිය අයියා, නෙතඟ අයියත් එක්ක මල් කඩල ඉවර වෙලා ෆෝන් එක බෑග් එකට ම දාගෙන ආයෙම මගේ පැත්තට හැරිලා ටික වෙලාවක් අමුතු හිනාවක් දාගෙන මගේ දිහා බලන් ඉඳලා මං වාඩි වෙලා හිටිය බෙන්ච් එක ළඟට ඇවිදගෙන ආවා...

"අර නංගි තාම ආවෙ නැද්ද...? පරක්කු වෙනවනේ..."

දැන් ද කොහෙද අච්චර වෙලාවක් ෆෝන් එකේ ම මූණ ඔබාගෙන ඉඳලා වෙලාව දැකල තියෙන්නේ...

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now