モㄗ. 15

72 12 4
                                    

"කවුද ඒ?"

ඇත්තට ම මම ආදිගෙන් එහෙම ඇහුවෙ එයා සිංදු ටික ප්ලේ වෙවී තිබුණත්ය ඒකට ඇටෙන්ශන් පේ නොකර කන්ෆියුස් වෙලා වගේ සින්ගර් එකේ හිටිය එක කොල්ලෙක් දිහා බලන් ඉඳිය හින්ද...

"නෑ මේ- නෑ මොනවත් නෑ"

"මේ... කියනවා!! මොකක්ද දැන් කියන්න ගියේ???"

"අනේ මොනවත් නෑ අනේ..."

"හ්ම් හ්ම් පේනව මොනවත් නෑ කියල"

මට නම් පැහැදිලිව පෙනුණ අපේ එකා ඒ කොල්ල දිහා හෙන ම අමුතු බැල්මක් හෙළාගෙන හිටියෙ... අමුතුයි කියන්නෙ... ටිකක් මනමාල වගේ... මං දන්නැද්ද අපේ එකාගෙ ඒව...

"මොකෝ මේ... කෝ මටත් කියපන්කො තනියෙන් හිනාවෙන්නෙ... අඳුරනවද එයාව???"

ෂුවර් එකට ම මූ එයාව අඳුරනව වෙන්න ඕන... ටික වෙලාවකින් ඒ කොල්ල අපේ ආදිව දැකල හිනා වුණා... උස, කෙට්ටු, ටිකක් තලෙලු, කියුට් වගේ කොල්ලෙක්... 

"චාරුක අයිය මෙහේ මොකද???"

"මල්ලි මං පාට් ටයිම් එක ‌කරන්නෙ මෙහේ..."

"ඔයා මේන්ලි කියලත් ජොබ් එකක් කරනවද???"

"නෑ... මං අකවුන්ටින් කෝස් එකක් කරනව..."

"ඔයා ඒ ලෙවල් කරන්න ඉස්කෝලෙ එනවනෙ???"

"එනව එනව..."

ආදි බය වෙලා වගේ එයාගෙන් ඒ ලෙවල් වලට ඉස්කෝලෙ එනවද කියල ඇහුව ම ඒ කොල්ල කියුට් විදියට හිනා වෙවී එනව කිව්වනෙ... මං හිතන්නෙ කොල්ල රිට වගේ උස වුණාට අපේ වයසෙ...

මාත් හෙමින් සැරේ අපේ මල්ලිගෙන් ඇහුව අපේ වයසෙ ද කියල...

"ඔව්..."

ඒක අර කොල්ලට අහිල ද කොහෙද මං දිහාත් බැලුව...

"ඔයාගෙ කසින් කෙනෙක්ද මේ?"

"ම්ම්ම්..."

ඊට පස්සෙ තමයි ආදි එක්ක කතා කර කර හිටිය ළමය මං දිහා බලල හිනා වුණේ...

"අපෙ ඉස්කෝලෙ නෙවෙයිනෙ???"

"අයියට මූව අපේ ඉස්කෝලෙ වගේද පේන්නෙ??? අපෝ මූ මෙහේ නෙවෙයි..."

ඔය ඉතිං.... ඊට පස්සෙ අපේ පොඩි එකා මගේ වම් අත ඇදල අරන් අතේ දාගෙන හිටිය බෑන්ගල් එක ඒ කොල්ලට පෙන්නුවා... කොල්ල නෙවෙයි!!! උගේ නම චාරුකනෙ... ඌ බෑන්ගල් එක දිහා බලල ආයෙම මං දිහත්  බලල හිනා වුණා.... මේකට තියෙන්නෙ මාර ම කියුට් ස්මයිල් එකක්නෙ... අනික ඇස් දෙකත් පුංචි වෙනව...

"ඔයා අකවුන්ටින් ද ඒලෙවල් වලට කරන්නෙ?"

"නෑ බයෝ... මේ දවස්වල නිකන් ම හින්ද අයිය ස්කොලශිප් එකක් අරන් දුන්න අකවුන්ටින් කෝස් එකකට... අතට ම ලැබුණ එකට බෑ කිිිිිියන්නත් බැරි හින්ද කරගෙන යනව ඉතිං..."

"හ්ම්ම්... ලකිඳු අයියව එහෙම මීට් වුණේ නැනැද් ළඟදි???"

"ලකිඳු ද??? නෑ මල්ලි... එයා සිසාරා එකේ ක්ලාස් යනව නේද දැන්??? මට කිව්ව..."

ලකිඳු කිව්ව ම මතක් වුණේ... කෙමෙස්ට්‍රි ක්ලාස් එකේදි මගෙ එහා පැත්තෙන් වාඩි වෙලා ඉඳිය පොත් ගුල්ලව.... සිසාරා එකේ... හරි ඌ වෙන්නෝන...

"ලකිඳු කියන්නෙ පොත් ගුල්ලෙක් නේද???"

ඇත්තට මං එහෙම ඇහුවෙ ලොකු ෂුවර් එකකින් නෙවෙයි... මං මැද්දට පැන්න එකෙන් කතා කර කර හිටිය දෙන්නට ඩිස්ටර්බ් වුණාවද්ද මන්ද ආදි මහ යස්ස බැල්මක් මට දැම්මෙ... ඒත් චාරුක නම් හරි ම නිවුණ බැල්මකින් තමයි හිටියෙ... ඒකට අපේ එකා තමයි....

"ඔව් ඔව්... අඳුරනවද එයාව???"

"කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි මගෙ එහා පැත්තෙ හිටියෙ... පොත මූණෙමයි නේද එයාගෙ???"

"එයා එහෙම තමයි... ආහ්... එතකොට ඔයා ද මිහේන් කියන්නෙ???"

මේ චාරුකය කෝහොමද මගේ නම දන්නෙ??? චූටිත් කනිෆියුස් වෙලා වගේ මං දිහා බැලුවෙ...

"මං තමයි... ‌ඔයා කොහොමද දන්නෙ???"

"නෑ මට ලකිඳු කිව්ව ඔයා ගැන..."

"ආ එහෙමද???"

කොල්ල මාත් එක්ක කතා කළේ නෝමල් විදියට හිනා වෙන ගමන්... yko බලාගෙන යනකොට මං ගාල්ලට පය තියලත් වැඩි දවසක් නොවුණට හෙන ෆේමස්නෙ...

"මල්ලිලා... මෙන්න කාඩ්බෝඩ්ස් ටික..."

කාඩ්බෝඩ්ස් ටික අරන් එන්න කියල ගිය සිංගර් එකේ අයිය ඒ ටික අරන් ආයෙ ආව හින්ද ලව් බර්ඩ්ස්ල දෙන්නට ටිකක් වෙලා කතා කර කර ඉන්න ඇරල මං අර කාඩ්බෝඩ්ස් ටික බලන්න ආවා... ලවබර්ඩ්ස්ල??? ඔව් එහෙම තමයි!!! මොකද කියනව නම් මටත් ඔය ටික ටික අන්ඩර්ස්ටූඩ් දැට් මයි බිලාවඩ් බ්‍රදර්ස් බිහේවියර් විත් දැට් බෝයි වස්.... ‌සම්තින් ලයික්... අර්හ්!! දැට්ස් ඉනෆ්!!!



í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now