2 💙

36 4 3
                                    

පැය බාගයක් විතර එතන ඉදලා කට්ටියම ආපහු එන්න ආවා...මොනා නැතත් පුදුම විදිහට හිත නිදහස් කරන්න පුලුවන් පරිසරයක් මේක...සල්ලි හම්බ කරපු දවසක ගෙයක් හදන්න ඕනෙ මෙහෙ

බස් එකට ඇවිත් පුරුදු විදිහට ඉදගෙන ආපහු ගමන යන්න හදනකොටයි මීටර් උනේ මං අවින් අයියට මගෙ earphone එක දුන්නා නේද කියලා...එයා එයාගෙ අර ඉස්සෙල්ලා එනවා කිව්ව යාලුවො ටිකත් එක්ක එයාලගෙ වාහනේට සෙට් උනා...අපි යන්නෙ දැන් ග්‍රෙගරි park එක ගාවට...එතනට ටිකක් ලගින් තමා අපි හැමෝටම නවතින්න ගත්ත villa එක තිබ්බෙ....අවින් අයියගෙ යාලුවො සෙට් එකත් ග්‍රෙගරි වැව ගාවට එනවා කියපු නිසා එයා එයාලා එක්ක ඇවිත් ආපහු අපි එක්ක සෙට් වෙන්නම් කිව්වා....යසයි ඉතින් දැන් කංකරච්චලේට සවන් දීගෙන යන්න එපැයි

පුදුමයි ආයෙ කවුරුත් බූට් සින්දු දැම්මෙත් නෑ...කිව්වෙත් නෑ...උදේ පාන්දර නටපු උන් සේරම කිලෝ ගනන් බරට නිදි කිරනවා හිටු කියලා...මට පුකෙන් විතරයි හිනා නොගියෙ....මුං නිදන් ඉන්න ඉරියව් යකාගෙ ඉරියව්නෙ යකෝ

කතාවෙන් කතාවෙන් බස් එක ග්‍රෙගරි පාර්ක් එක ගාවින් නවත්තනකොට අවින් අයියලා ඇවිත් හිටියා...පස්ස නෑ වගේ යකුනේ...පැයක් එක හමාරක් විතර ඉදන් එන්න ඇති...අසරන පශ්චාත්බාගෙ මගෙ

" මිමී....ආ උඹේ ඇබ දෙක "

" අපෝ දීපන් මෙහාට...මට සාංකාව හැදිලා හිටියෙ අයියෝ මේක නැතුව "

" මාත් ඒකනම් හිත හිත ආවෙ "

" ඒකනෙ "

මං බස් එකෙන් බැස්ස ගමන් අවින් අයියා දුවන් ඇවිත් මගෙ අතේ earphone එක ගුලි කරා....අම්මෝ මේක නැතුව තිබ්බ පාලුවක්...දැන් නම් මේ මගුල ඇගේ කෑල්ලක් වෙලා

අවින් අයියගෙන් ඒකත් අරන් සාක්කුවට ඔබාගෙන වැව පැත්තට ගියෙ ඩෙනිමෙ සාක්කු දෙකට අත් දෙකත් ඔබාගෙනමයි...බස් එකෙන් බැහැපු හැමෝමා හෝ ගාලා හිරි අරිනවා...උන්ට නිදාගෙන මහන්සි ඇතිනෙ ඉතින්

මගෙ පස්සෙන් එන්න ආපු අවින් අයියා ආපහු එයාගෙ යාලුවො සෙට් එක ආව වැගන්නාර් එක පැත්තට ගියෙ මටවත් නොකියා...මට මොකෝ ඉතින් මුට මොකෙක් හරි සෙට් උනාම මාව අමතකයිනෙ මගුල

අරොන් [Non-fiction BL]Where stories live. Discover now