3 💙

39 3 7
                                    


හම්මෝ කාලා ඉස්මුරුතාවට වගේ දැන් නම්...අද නම් හොදට කෑවා...ටිකක් ඇවිදින්න ගියොත් හොදයි වගේ කාපුවා පත්තියන් වෙන්නත් එක්ක

කාලා ඉවර වෙලා කෙලිම්ම එලියට ගියහම පරිසරයෙ තිබ්බ අමුතුම ලස්සනට මං වශී උනා කිව්වොත් හරි.හීනියට පින්න බාලා තනකොල උඩ ඒ පිනි බින්දු රැදිලා...තාම ඇට්ටර වෙන්න හිතලාවත් නැති අව් රැල්ල මුලු පලාතම වහගෙන තිබ්බා....උස නැති පොඩි ගස් හැම තැනම තියෙන නිසා පුදුම ලස්සනක්...කොටේජ් එකට ඉස්සරහින් එක යායට වවලා තියෙන කැරට් ලීක්ස් ගෝවා වගාව නිසා මට හිතුනෙම මං ඉන්නෙ පිට රටක කියලා

මොනා නැතත් ට්‍රිප් එක එන්න හොද තැනක් තෝරගෙන තියෙන එකට නම් මං කැමතී...කවදා හරි තනියම එන්න ඕනෙ සතුටින් නිදහසේ මේ දේවල් විදලා යන්න

" අර්ශ්......එන්න යං "

" කොහෙද ? "

" කොහෙද අහන්නෙ බූරුවො...බයිසිකල් පදින්න "

" ආහ් යං යං "

අයියා ඇවිදින් මාවත් ඇදන් යනකොට අක්කයි නංගියි බාප්පගෙ පුතයි බයිසිකල් අරගෙන ඉන්නවා යන්න ලෑස්ති වෙලා....මරු හැබැයි එයාලත් එනවා නම්....හොද වෙලාවට අනිත් කාපිරියො ටික නැත්තෙ

" මිමී....මේක ගන්න...අපි හිමින් යං ඔයාට වැඩිය පදින්නත් බෑනෙ "

" හා.....මේක ලස්සනයි අයියෝ "

මං bicycle එක අරහෙන හැඩ බැලුවා...ඒක මරු....වැඩේ කියන්න මට ටිකක් විතර මේ මගුල පදින්න බෑනෙ

අක්කයි නංගියි තෙනුකයි (බාප්පගෙ පුතා) ඉස්සර වෙනකොට මායි අවින් අයියයි හිමිං හිමිං පදින්න ගත්තා...බයිසිකල්

" මාව ඕකෙ තියාගෙන ගියානම් එකක්නෙ අප්පා...මට මේක පදින්න බෑ අයියෝ "

" ටිකක් ඉවසපංකො....තව ටිකකින් ජෝඩු දාලා තමා යන්න වෙන්නෙ කොහොමත් "

ඔන්න ඔන්න ආයෙ කුටු කුටු ගානවා...පඩයා.....බලන්නකො අප්පා මට බලු හති මේ මගුල පැදලා....දැන් මට බයින්න එපා උඹට බයිසිකලයක්වත් පැදගන්න බැරි ලමාතැනියක් කියලා.....කමක් නෑ මටනෙ පදින්න බැරි...උඹට නෙමේනෙ...හුම්

You've reached the end of published parts.

⏰ Last updated: Apr 29 ⏰

Add this story to your Library to get notified about new parts!

අරොන් [Non-fiction BL]Where stories live. Discover now