වැහිකෝඩ 05

395 43 47
                                    

#පස්වෙනි_කොටස 💜️

ඔහොම්ම දවස ගෙවෙනවා කොල්ලො එක්ක...දැන් තමයි මට ටිකෙන් ටික තේරෙන්නෙ අම්මයි අප්පච්චියි හම්බකරනකොට මොන තරම් නම් කට්ටක් කනවද කියලා..මං මෙහෙ ඒසි ශොප් එකක් අස්සෙත් ඉන්නකොට මහන්සි දැනෙනවා නම් ඒ දෙන්නා වැස්සෙ තෙමි තෙමි අව්වෙ කර වෙවි මහ මුහුදත් එක්ක ඔට්ටු වෙවි අපිව ජීවත් කරවන්න මොන තරම් කට්ටක් කනවද කියලා...විශේෂෙන් අම්මා..තාත්තා ගැන මගෙ හිතෙ පැහැදීමක් නෑ..අම්මා මොන තරම් නම් මහන්සි වෙනවද..එහෙව් වෙලාවකට මට දැන් හිතෙනවා දුවම් ගිහින් අම්මගෙ තුරුලට වෙලා ඉඳලා එන්න..ඔඩොක්කුවට වෙලා ඔලුව තියන් කරෝල ගඳ ගහන අත් දෙකෙන්..පතුරු ගිය අත් දෙකෙන් මගෙ ඔලුව මසාජ් කරගන්න..අම්මගෙ අතින් ඇල්ලුවත් ඇඟට හරි සනීපයි..අම්මගෙ අතින් ඇල් වතුරක් වුණත් හෙනම රසයි..මගෙ අම්මා එහෙමයි..අම්මා මගේනේ...

"මරණවා උඹව මං දැනගනින් වේසිග පුතා.."

මං වැඩ ඉවර වෙලා ට්‍රේන් එකෙන් බැහැලා ටික දුරක් එන ගමන් ඉන්නකොට හොඳ අමු කුණුහරප ටිකක් ඇහුණා...ඒ ගමන මොකද්ද වෙලා තියෙන්නෙ..මං දාගෙන හිටිය සයිඩ් බෑග් එකේ පටිය ටිකක් තද කරලා අල්ලන් අඩිය ටිකක් ඉක්මන් කරා..

වලි දාගත්ත සංසලාගෙ තාත්තා මන්නෙකුත් උස්සන් කෑ ගහන්නේ කාවින්දයට කියලා දැකපු මට ඇඟෙ ලේ රත් වුණා..මුන් මේ හැප්පේන්නේ මොනා බෙදාගන්ඩ බැරුවද...අපේ කොල්ලො රෑනෙ එකෙක්ට අත උස්සන්ඩ මූ..නාකි පකයා..අනික අපේකා මොන පර වැඩේ කරලද දන් නෑ..මූ සංසලාගෙ පෑන්ටියවත් උස්සලද..නැත්නම් බෙෂියර් එක..එහෙම නැත්නම් බලෙන් දූෂණෙ කරන්න ගිහින් ද...බලෙන්න කට්ට දෙන්ඩ ගිහින්වත්ද මේකා..මූත් හෙනම වේසාවනෙ...

කට්ටිය විස්සක් විතර වට වෙලා...සංසලාගෙ අම්මා අර මනුස්සයව අල්ලන් ඉන්නවා අත් දෙකෙන් ඉස්සරහට යන්න නොදි..ඒ ගෑනිව අල්ලන් ඉන්නෙ සංසලා..ඒකි බාගෙට අඬාගත්තු ගමන්...හොටු පෙත්ත එල්ලගෙන ඇඳුමුත් බාගෙට එල්ලගෙන ඔක්කොම එළියෙ...මං කට්ටිය ටිකක් අහක් කරලා ඉස්සරහට ගියෙ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න..උන් ටික ඒ ගමන මං දිහා බලන් ඉන්නෙ කන්ඩ වගේ...

"ඔය එන්නෙ අනික් එකා.."

මිනිහා කිව්වෙ මට..

"ඇයි...ඇයි...මොකද්ද වෙලා තියෙන්නෙ.."

#වැහිකෝඩ..................Where stories live. Discover now