වැහිකෝඩ 09

250 27 5
                                    

#නවවෙනි_කොටස 💜️

"උඹ ඔව්වයෙ ගියාට කමක් නෑ...සෙල්ලම් කරාට කමකුත් නෑ....හැබැයි පුතො සෙල්ලම් කරලා ගෙදර වරෙන්..සල්ලි හෙම වියදම් කරන්නෙ නෑ ඔන්න කිව්වා බේබද්දොන්ටයි..මදාවියොන්ටයි..."

මං මුකුත් නොකියා හිමීට එතනින් මාරු වුණා..වැරදිලා හරි ඔට්ටුවට සෙල්ලම් කරන්නෙ කියලා දන්නවනම් අතෙ තියෙන කොස්සෙන් මට දරුණු ප්‍රහාරයක් එල්ල වෙන්න තිබ්බා සතියක් විතර ගෙදර ඉන්න..ඒ නැතත් ඔට්ටුවට දාන්නෙත් රුපියල් පන්දාහක් කියලා දන්නවනම් අම්මා අනික් පහුවදා මාව තමයි පොලියට දෙන්නෙ වැල්ලෙවුන්ට...

මං අනික් කොල්ලො ටිකටත් එන්න කියාගෙන උන් එක්කම මඟඳිම සෙට් වෙලා කයියක් ගගහා ගියේ දැන් අපේ ටීම් එකට පහයි ඉන්නේ...ඉතුරු එකා කොහොමද හොයාගන්නෙ කියලා...අනික ඌ නිසා අපේ ටීම් එක දිනන්නත් ඕනි..උගෙන් ලකුණු එකක් හරි එන්නත් ඕනි...නැත්නම් ඌ සෙල්ලම් නොකරත් කමක් නෑ..තරඟෙන් ලකුණක් හරි අඩු නොකර ටීම් එක වෙනුවෙන් හරි ඉන්නෙකෙක් වෙන්න ඕනි..නැත්නම් වැඩක් නෑනෙ උගෙන්..

"කාවින්ද උඹම කියපන්කො...උඹනෙ දන්නේ උන් ගැන..කවුද කියපන්කො අපේකට දැන් ගන්නේ.."

"මෙහෙමයි බන්..අරුන්ට නම් දැන් ටීම් එකක් තියෙනවනෙ...උන්ගෙ කවුද ඉන්නේ...හේමලුයි..සිහාරයයි..ආයෙ.."

"ආයෙ ඉන්නවා..ම්ම්..ඇබින්දා..ඌයි..වලිප්පුවයි..
විලංගුවයි..."

"ආ..ඔව්..එතකොට හේමලයයි...සිහාරයයි...කවිදුවයි...නිශානයයි..ජයන්තයයි...සසිතයයි...අන්න හරි...උන් සෙට් එක තමයි කොහොමත්ම සෙට් වෙන්නේ...මොකද උන් උන්ටම කපනෙවුන්නෙ..එතකොට අපේකට ඉඳම් පොඩ්ඩක්.."

අපේවුන් ඇබින්දා කියන්නෙ කවිදුට...වලිප්පුවා කියන්නෙ නිශාන්ට..පොරට වලිප්පුව තියෙනවා ඒකයි හෙම කියන්නෙ...එතකොට සසිතයට තමයි විලංගු කියලා කියන්නෙ...උන් ඔක්කොම අපිත් එක්ක කරට කර එන සෙට් එකේ තුන් දෙනෙක්...

"එතකොට බන් උන් ඇරෙන්ඩ මහීමයවවත් ගනිමුනෙ...ඌත් පොඩ්ඩක් හරි කීප් කරන්න හොඳයි..ඌ පළවෙනි ශොට් එක ගාණ්ට අරන් දෙනවනෙ..බැරිම වුණොතින් හෙම කරමු.."

#වැහිකෝඩ..................Where stories live. Discover now