9

11 3 0
                                    

(දිනපොතක අකුරු)
A day in First month of this year.,

'වරමක් හම්බුනොත් උබ යන්නේ අතීතෙටද අනාගතෙටද?...'

අතීතේ කිව්වත් අනාගතේ කිව්වත් මට මතක් උනේ එක්කෙනෙක්ව...
ඒ කෙනා මගෙ ඇස් ඉස්සරහ හිටගෙන හිටියා...ඒ වේලාවේ මගේ හිතේ තිබුනු කැළඹුනු හැගීම් එක්ක මට එයාව මතක් උනේ ඇයි දන්නේ නැහැ..මන් එදා ඒකට සෑහෙන්න උත්තර හෙව්වා...

ටික වේලාවක් මට මතක් වුනු මගේ නොවුනු මගේ චූටි හිනා කුමාරි දිහා මන් බලන් හිටියා...ඔව් ඉදලා හිටලා හිනා උනාට එයා හිනාවෙද්දි ෆෙයරිටේල් වල ඉන්න ප්‍රින්සස්ලාට වඩා ලස්සනයි....ඒත් හුග කාලෙකින් එයාගේ ඒ හිනාව දැක්කේ නැහැ මම....සමහරවිට මන් එයා හිනාවෙන වේලාවට එයා දිහා බලන්න නැතුවැති...

'අතීතේට නම් ගිහින් වැඩක් නැහැ..අනාගතේට ගියත් එච්චරම නේ..'

මගෙ හිතේ තිබුනු ඒ හැගීමට අනුව මන් එහෙම පිළිතුරක් දුන්නා...
මගේම හිත කිව්වේ ආපහු ඒ කෙනා ළග මට ඉඩක් නෑ කියලා.දුක හිතුනට මන් ඒක තේරුම් අරගත්තා..මන් හිතුවා ඒ තමයි ඇත්ත කියලා.....ඒ උනාට මට පේන දේ විශ්වාස නොකර ඉන්න තිබුනා..

එයා දිහා අන්තිම වතාවට වගේ මන් බලාගෙන හිටියා...ඔව් එයාත් මන් දිහා බලනවා මන් දැක්කා...
ඒ බැල්ම මට කියවන්න බැරි උනා..
ඇස් වල මොකද්දෝ මන්දා අමුතු තරහවක් ලියවිලා තිබ්බා කියලා මන් හිතුවා..

එයාට ඒ ඇදුම හරි ලස්සනයි.
තද නිල් පාටට ඒ ඇත්දල පාට හම හොදට කැපිලා පේනවා...
ලස්සන වැඩී කියලා මට හිතුනා..!
අදටත් මන් එයා අදිනවට වැඩියෙන්ම කැමති ඒ ඇදුම...

මම එයාගේ ආසම නැති යාලුවෙක් එක්ක එයා හිටගෙන හිටියා...
ඒ ළගපාතම මන් ආස නැති හුගක් අය හිටියා..

මහ අමුතු තාලෙකට තමන්ගෙම අත අල්ලගෙන එයා මන් දිහා බලාගෙන හිටියේ නිකන් මාත් එක්ක ගේමට වගේ...
ඒ වේලාවේ මට මතක් උනා..
ඒ අත මම අල්ලන් හිටපු විදිහ....
තවදුරටත් ඒක එහෙම නෑ.....!

එයා මන් ලග හිටියා නම් කියන හැගීම ආපහු මගේ මුලු ඇගම වෙලාගෙන තිබ්බා....එයාව හම්බෙනවා කියලා දන්න හැමදවසකම මන් උදේ නැගිටින්නේ එයාව බලාපොරොත්තුවෙන්...

මට මන් පව් කියලා හිතුනා..
හම්බෙන්න පුලුවන් හොදම කෙනා නැතිවෙලා තිබුනා..!!

ආයේමත් එකම එක පාරකට හරි ඒ අත අල්ලගන්න අවස්ථාවක් දෙන්න කියලා මන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලුවා....මන් හිතන්නේ ජීසස් ට මාව ඇහුනා..!

එයා හැමතිස්සෙම හිටියා මාත් එක්ක..අනිත් අයට නොකියපු හුගක් දේවල් කිව්වේ මාත් එක්ක...මාව ඈත් කරලා ඒ තරම් නිදහසකින් එයා ඉන්නේ කොහොමද?..එයාට නිදහසේ කතා කරන්නවත් කෙනෙක් ඉන්නවද......

මට එහෙම හිතුනා..!!

ඒත් මට අමතක උනා...,
බිලියන අටක් ඉන්න ලෝකේ මට හිටපු එකම කෙනාත් එයා විතරයි කියන එක...
එයා මාව ඈත් කරා,අනිත් අය එක්ක සතුටින් කියලා මට පෙන්නුවා...
ඔව් මගේ වැරදි තිබුනා....

ඒත් ඒ දඩුවම ලොකු වැඩි නැද්ද කියලා හිතන්න මට අමතක උනා...

ඒ වේලාවෙත් එයා ගැන හිතලා මන් ගැන හිතන්න මට අමතක උනා....!

----
මෙය ලියා මාස පහකට පසු නැවත මෙය කියවමි,

පෙනෙන සියලුම දේ විශ්වාස කර මගෙම මනස තුළ මගෙම නිර්ණායක සදාගෙන දුක්වීම පමණක් මා එම මාසය පුරාවට සිදුකර ඇත!
හැගීම් යන විෂයයෙහි මා අසමත් වුනි...!

ජනවාරි මාසයේ සිටි මමට වර්තමාන මා ලියා තබමි.

එක දිගට වැරදි නිරීක්ෂන වලින් නිගමන වලට පැමිණිලා  යස අගේට කෙළවගත් ඔබට වට්පෑඩ්ම පිහිටයි..!!
....

එදින දෙවියන්වහන්සේට මාගේ යාච්ඤාව ඇසුනු බව පසුව ඔප්පු විය....
ඒ බව මීට මාස පහකට පෙර සිටි මා දැනසිටියේ නැත...!

My Dear,Moon!Where stories live. Discover now