Chapter 18

497 127 56
                                    

නම්ජූන් ලග ඉද්දි ජිමින්ට දැනුනේ එයාගෙම සහෝදරයෙක් ලග ඉන්නවා වගේ හැගීමක්.ලොකු කාලයක් පවුලේ කෙනෙක්ගේ උණුසුමක් නොවිද උන්නු ජිමින් නම්ජූන්ගෙන් ඒ ලැබුනු සහෝදර සෙනෙහසට ලොබ බැන්දේ හරියට අවුරුදු පහක හයක පොඩි ළමෙක් වගේ..ඒ වගේම නම්ජූනුත් ජිමින්ට ඒ වෙලාවේ අවශ්‍යම වෙලා තිබුනු ඒ උණුහුම ජිමින්ට දුන්නේ ජිමින්ගේ කදුලු ටිකෙන් ටික අඩු වෙද්දි.

ගොඩක් දේවල් දිහා වෙන අය නොදකින කෝනෙකින් බලලා කිසිම කෙනෙක්ට නොපෙනෙනෙන ඇත්තම තත්ත්වය අවබෝධ කරගන්න නම්ජූන්ට තිබුනේ පුදුම හැකියාවක්.ඒ හැකියාව නිසාමයි නම්ජූන්ට සීරෝ එකේ ඒ තනතුර ලැබුනෙත්.

ඉතින් අවුරුදු ගානක් තිස්සේ එකම ගෙදරක ජීවත් වුනු ජිමින්ගේ ඇත්ත තත්වය නම්ජූන්ට පෙනුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්.හෝසොක්ව දකින පාරක් ගානේ ජිමින්ගේ ඇස් දිලිසෙන හැටි,හෝසොක් වචනයක් හොදින් කතා කලත් ජිමින්ගේ මූණ සතුටින් පිරෙන හැටි නම්ජූන් දැක්කා...බැරි වෙලාවත් හෝසොක් ජිමින් එක්ක යන්තම් හරි හිනා වුනොත් ඒ මුලු සතියම ජිමින් කලේ පිස්සෙක් වගේ ඒක මතක් කරකර තනියෙන් හිනා වෙන එක..හෝසොක් ජිමින්ව සීරෝ එකට ගෙනාපු දවසේ ඉදන් අවුරුදු හයක් පුරාවට නම්ජූන් ඒ හැමදේම දැක්කා.

ඒත් කාලය ගත වෙද්දි වයසත් එක්ක අපි මවාගෙන ඉන්න හීන ලෝක සැබෑ ලෝකේ නෑ කියලා තේරෙද්දි යථාර්ථය කියන්නේ සතුට විතරක් නෙමෙයි කියලා තේරෙන්න ගනිද්දි ජිමින් වෙනස් වෙන්න ගත්තා.

කොයි තරම් හෝසොක්ට ලන් වෙන්න හැදුවත් හෝසොක් තමන්ව දකින්නේ යාලුවෙක්,සහෝදරයෙක් විදිහට විතරයි කියලා ජිමින්ට තේරෙද්දි එයාගෙ හිතේ තියන හැහීම් වෙනුවෙන් හෝසොක්ව නැති කරගන්න බෑ කියලා ජිමින් තීරණය කලා.හෝසොක්ව නැති කරගන්නවා වෙනුවට ජිමින් කලේ එයාගේ හිතේ හෝසොක් ගැන තිබුනු හැගීම් නැති කරලා දාන්න උත්සාහ කරන එක.

ඒ වෙනුවෙන් ජිමින් මුලින්ම කලේ මාෆියා එකේ වැඩවලින් පුලුවන් තරම් ඈත් වෙන එක.හෝසොක්ගෙන් ඈත් වෙන්න ඕනි නිසයි ජිමින් වෛද්‍යවරයෙක් වෙන්න තීරණය කලේ.

ඒත් අපි හිතන කිසිම දෙයක් හිතන විදිහටම වෙන්නේ නෑ.සැරින් සැරේ මොකක් හරි අනතුරක් කරගෙන එන හෝසොක්ගෙන් ඈත් වෙනවා වෙනුවට ජිමින්ට සිද්ද වුනේ තවත් හෝසොක්ට ලන් වෙන්න.ජිමින් එදා ඉදන් රගපාන්න පටන් ගත්තා.හෝසොක් ගැන වදවෙන එක එයාගෙ යාලුකම විදිහට හෝසොක්ට දැනෙන්න සැලැස්සුවා..

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now