➶ Titans ➷

495 102 52
                                    

🎭Titans 🎭

දකුණු කොරියාවේ 1990 දී බලවත් වුනු මාෆියා කල්ලියක් තමයි Titans කල්ලිය කියන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දකුණු කොරියාවේ 1990 දී බලවත් වුනු මාෆියා කල්ලියක් තමයි Titans කල්ලිය කියන්නේ.

මේ මාෆියා කල්ලිය අනිත් මාෆියාවලට වඩා වෙනස් වුනේ ඔවුන් කිසිම අවස්තාවක සාමාන්‍ය ජනතාවට කරදර නොකරන පිරිසක් වීම නිසා.

Titans වරු හැමවිටකම හිටියේ සාමාන්‍ය ජනතාවගේ පැත්තේ.ඔවුන්ගේ බලපෑම්වලට ලක් වුනේ රජය එහෙමත් නැත්නම් ප්‍රභූ පැලැන්තියේ ධන කුවේරයන් විතරයි.

මේ Titans කල්ලියේ අනන්‍යතාවය කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ.ඒකේ ඉන්න සාමාජිකයන් කවුද කියලා කිසිම කෙනෙක් දැකලා තිබුනෙවත් දැනගෙන හිටියෙවත් නෑ.

මුලු ලෝකේම දැනගෙන හිටපු එකම දේ වුනේ Titans ආරම්භ කරපු කෙනා කවුද කියන එක විතරයි.හැබැයි ඒකත් ඒ කෙනාගෙ සැබෑ නම නෙමෙයි.

Titans වරු ඔවුන්ගේ නායකයව හැදින්වුවේ Urenus කියන නමින්.

1991 දී Urenus ගෙන් පස්සේ Titans ලගේ ඊගාව නායකයා විදිහට ප්‍රසිද්ද වුනු නම තමයි Crius.මේ Crius කියන්න්රෙ Urenus ගේ පුතා කියන එක හැර කිසිම දෙයක් ඔහු ගැනත් කාටවත් දැනගන්න පුලුවන් වුනේ නෑ.

Titans වරු ඒ තරම් සාර්තකව ඔවුන් කවුද කියන එක ලෝකයෙන් වසන් කරගෙනයි හිටියේ.

ඒත් එකපාරටම 2006 දී Titans කල්ලිය සම්පූර්නෙන්ම නිහඩ වෙලා ගියේ ඔවුන්ට වුනු දේ ගැන කිසිම සදහනක් නැතිව.

ද.කොරියානු මාෆියා ක්ශේත්‍රයේ දෙවනියට බලවත්ම කල්ලිය වෙලා හිටපු Titans නිහඩ වීමත් එක්කම ඔවුන්ගේ තැනට ආපු රෙඩ් ඊගල්ස්ලට Titans කල්ලියේ නිහඩ බව එක්ක සම්බන්ධයක් තියනවද කියන සැකය හැමෝටම තිබුනා.ඒත් ඒ ගැනත් හරියටම දෙයක් කවුරුත් දැනගෙන හිටියේ නෑ.

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now