Chapter 19

551 120 115
                                    

_______________________________________
(at Rona Place )
( 04.10pm )

රෝනා ප්ලේස් එක පුරා දෝන්කාර දෙන වෙඩි හඩවල්,වේදනාත්මක විලාප හඩවල් අතරින් මින් යුන්ගිට ඇහුනේ එන්න එන්නම තමන් ලගට කිට්ටු වෙන බූට් සපත්තු දෙකක හඩ විතරයි.

ඒ හඩ වහපු දොරට පිට පැත්තෙන් නතර වෙද්දි මෙච්චර වෙලා ගල් ගැහිලා වගේ බලාගෙන උන්නු මින් යුන්ගි පස්සෙන් පස්සට ගියේ පිටතින් ඇහුනු බූට් සපත්තුකාරයාගේ හඩ තප්පර කීපයකට නතර වෙද්දි.

පැත්තක තිබුනු බිත්තිය අයිනට ගිය යුන්ගි හිමීට බාත්රූම් එකේ දොර ඇරලා කිසිම හඩක් ඇහෙන්නේ නැති වෙන්න ආයෙමත් දොර වැහුවේ ඇතුලතින් දොර අගුලු දාගන්න ගමන්.

ඒ අතරේ එලියේ උන්නු බූට් සපත්තුකාරයා පිස්ටල් එක අතට තද කරගන්න ගමන් අවසන් වතාවට දෙවනි මහල පුරා විමසිලිමත් බැල්මක් හෙලුවේ කවුරු හරි ඉන්නවද කියලා දැනගන්නයි.

ඒත් සීරෝ එකේ කිසිම කෙනෙක් දැක්කේ නෑ එයාලගේ ඇස්වලට වැලි ගහලා දෙවනි මහලට ගියපු ආගන්තුකයව..ඒ නිසාම එයාව නවත්තන්න කිසිම කෙනෙක් ඒ මහලේ හිටියේ නෑ.

දකුනතේ තිබුනු පිස්ටල් එක දොර දිහාවට යොමු කරපු ඒ කෙනා එක උණ්ඩයකින් ගෙස්ට් රූම් එකේ දොරේ ලොක් එක කඩලා දැම්මේ පහලින් නැගුනු වෙඩි හඩවල් එක්ක මුහු වෙලා ඒ හඩත් කාටවත් සැක නොහිතෙන විදිහට මැකිලා යද්දි.

බාගෙට ඇරිලා තිබුනු දොර කකුලින් තල්ලු කරගෙන කාමරය ඇතුලට ගිය ආගන්තුකයා කාමරය පුරාවට නෙත් යැව්වේ එක කෙනෙක්ව හොයන ගමන්.

ඒත් ඒ කිසිම තැනක ඔහු හොයපු කෙනා හිටියේ නෑ.හැම තැනම පරීක්ශා කරලා බලපු ඔහු අන්තිම ඇදුනේ වහලා තිබුනු බාත්රූම් එකේ දොර ගාවට.

ඔහු ගන්න පියවරක් ගානේ බාත්රූම් එක ඇතුලේ ඉන්න මින් යුන්ගිගේ හදවත ගැහෙන්න ගත්තේ වේගයෙන්.මොකද ඔහු තාමත් හරියටම දන්නේ නෑ ඇටෑක් එක එල්ල වුනේ කාගෙන්ද කියලා..මොකද හදිස්සියෙම දුවගෙන ආපු ජිමින් එයාට කිව්වේ කාමරේ ඇතුලටම වෙලා පරිස්සමින් ඉන්න කවුරු කතා කලත් දොර අරින්න එපා කියලා විතරයි..ඒ නිසාම තමන්ගේ සැකය තහවුරු වෙනකම් ගන්න හුස්ම පවා කිසිම ශබ්දයක් නොනැගෙන විදිහට ගන්නයි මින් යුන්ගි උත්සාහ කලේ...

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now