🖤 Chapter 07🖤

531 129 20
                                    


යුන්ගි ජිමින්ට එහෙම කෑගැහුවත් ඒ වෙනකොටත් ජිමින් පරක්කු වැඩී.යුන්ගිට ජිමින් ගාවට එන්න අවස්ථාවක් නොදීම ආව කාර් එකකට ජිමින්ව හැප්පුනා .

කාර් එකට හැප්පිලා ජිමින්ව විසිවෙලා යද්දි යුන්ගි ජිමින් ගාවට දුවල ගිහින් කොල්ලව තමන්ගෙ ඔඩොක්කුවට ගත්තා .ඒ වෙනකොටත් ජිමින්ගෙ ඔලුවෙන් ආව ලේ නිසා යුන්ගි ඇදන්.හිටිය shirt  එක රතු පාට වෙන්න ගත්තා .

" ජිමින් ඇස් අරින්න ළමයො.ඇස් ඇරලා මාත් එක්ක කතා කරන්න ජිමින්."

යුන්ගි ජිමින්ව තමන්ට තුරුලු කරගන්න ගමන් එහෙම කියද්දි ජිමින් හිමින් යුන්ගිගෙ නම කිව්ව .

"ප්‍රො ප්‍රොෆෙසර් මින් "

ජිමින් හිමින් තමන්ගෙ නම මුමුණද්දි යුන්ගි ජිමින්ව තමන්ගෙ තුරුලෙන් අයින් කරා.

" ප්‍රොෆෙසර් මින්.මන් මැරුණොත් මාව අමතක කරන්න එපා.වෙන කාවවත් මැරි කරන්නත් එපා.තනිකඩම ඉන්න හරිද ? ප්ලීස් .මාව අමතක කරන්න එපා."

" මොනාද පිස්සු කියවන්නෙ.ඔයාට මොනවත් වෙන්නෙ නෑ.මන් ඔයාට මොනවත් වෙන්න දෙන්නෙත් නෑ.මගෙ ජීවිතේ තියෙනකන්  මන් ඔයාට මොනවත් වෙන්න දෙන්නෙ නෑ."

යුන්ගි එහෙම කියලා ජිමින්ව තමන්ගෙ ඔඩොක්කුවෙම තියාගෙන තමන්ගෙ ෆෝන් එක ගත්තෙ ඇම්බියුලන්ස් එකකට කතාකරන්න.
ඒත් ජිමින් තමන්ගෙ ලේ ගෑවිලා තියෙන අතින් යුන්ගිගෙ අත ඇල්ලුවා.

" ඇයි ඒ කියන්න ? ඇයි මට මොනවත් වෙන්න දෙන්නෙ නැත්තෙ .ඇයි මන් නැතුව ජීවත් වෙන්න බැරිද ඔයාට . "

" ඔව්.මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ."

" එහෙනම් ඒ ඇයි කියන්න ප්‍රොෆෙසර් මින්.ප්ලීස් මට දැනගන්න ඕනේ ඒ ඇයි කියලා."

" Because I love you Jimin .I love you more than my life."

යුන්ගි ජිමින්ගෙ ඇස් දිහා බලන් එහෙම කියද්දි ජිමින්ගෙ ඇස් වලින් කදුලු වැටුනා.

"I love you too "

ජිමින් අමාරුවෙන් වුනත් යුන්ගි එක්ක හිනා වෙලා එහෙම කියද්දි ජිමින්ගෙ ඇස් වලින් හිනීයට කදුලු බිංදු වැටුනා.ජිමින්ගෙ වචනෙත් එක්ක යුන්ගි ගොඩක් සතුටු වුනත් ඒ වෙලාවෙ ජිමින් ඉන්න තත්වෙත් එක්ක යුන්ගි ගොඩක් කලබලා වුනා.

යුන්ගි ආයෙත් තමන්ගෙ ෆෝන් එක අරන් ඇම්බියුලන්ස් එකකට කතා කරන්න හැදුවත් ජිමින් යුන්ගිට ඒක කරන්න දුන්නෙ නෑ

" මාව කිස් කරන්න."

" මුලින් මට ඇම්බියුලන්ස් එකකට කතා කරන්න දෙන්න."

"ප්ලීස්.මට බයයි."

" මන් කිව්වනේ ඔයාට මොනවත් වෙන්න දෙන්නෙ නෑ මම.ඇම්බියුලන්ස් එක කතා කරනකන් ඉවසන්න මැණික."

යුන්ගි එහෙම කියලා ජිමින්ගෙ විරුද්ධවමැදම ඇම්බියුලන්ස් එකකට කතා කරලා ආයෙත් ජිමින් දිහා බැලුවා.

"බයවෙන්න එපා මොනවත් වෙන්නෙ නෑ.ඇම්බියුලන්ස් එක ඉක්මනට එයි."

"ප්ලීස් මාව කිස් කරන්න.මට බයයි ආයෙ කවදාවත්ම එහෙම කරන්න බැරි වෙයි කියලා."

"මැට්ටා මොනවත් වෙන්නෙ නෑ.මන් කිව්වනෙ බයවෙන්න එපා කියලා."

"ප්ලීස් "

ජිමින් ආයෙත් යුන්ගිගෙන් ඉල්ලද්දි තමන්ව කිස් කරන්න කියලා යුන්ගි අමාරුවෙන් වුනත් ඉන්න ජිමින්ව තවත් තමන්ගෙ ලගට අරන් ජිමින්ගෙ ලිප්ස් ගොඩක් ආදරණීය විදිහට ගොඩක් පරිස්සමෙන් සිපගත්තා .

අමාරුවෙන් වුනත් ජිමින් ඒ හැහීම විදගනිද්දි කොල්ල දැක්කෙ තමන්ටයි යුන්ගිටයි එහාට වෙන්න කෙනෙක් බලන් ඉන්නවා.

ඒ වෙලාවෙ තමා කොල්ලා දැක්කෙ ඒ හිටියෙ තමන්ට රෝස මල දුන්න ලේඩි කියන එක.ඒ ලේඩි කොල්ල දිහා බලලා වේදනාව පිරි හිනාවක් දාලා එකපාරටම අතුරුදහන් වුනේ ජිමින්ට මුකුත්ම හිතා ගන්නවත් ඉඩ නොදී.

ජිමින් විතරක් නෙමේ යුන්ගිටත් වුනේ ඒ දේමයි.යුන්ගි පාර එහාපැත්තෙ ඉන්නවා දැක්කෙ තමන්ට රෝස මල දුන්න පිරිමි කෙනා බලන් ඉන්නවා.ඒ පිරිමි කෙනත් යුන්ගිට මොනවත් හිතාගන්න නොදීම අතුරුදහන් වෙලා යද්දි මෙච්චර වෙලා යුන්ගිට තුරුල් වෙලා ඒ හැගීම විදගෙන හිටිය ජිමින් තමන්ගෙ ඇස් දෙක පියාගත්තෙ අන්තිම පාරට යුන්ගිගෙ හාදුව විදින ගමන්.

To be continue .

මරණ තර්ජන බාරගනු ලැබේ.තැපැල් කරලා එවන්නකෝ.😁





























Don't worry guys .තාම ඉවර නෑ.

මන් කපල් වෙන් කරන්නෙ නැතෝ.😁😁😁.
සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now