"ආශ් හ්‍යුන් නැගිටිනවකෝ."
"පාඩුවෙ ඉන්න දෙන්නෙ නැති හැටියක් "
ජිමින් එහෙම කිව්වෙ තමන්ගෙ බාගෙට ඇස් ඇරලා තමන්ගෙ ඇග උඩට වෙලා ඉන්න තමන්ගෙ මල්ලි දිහා බලන ගමන්.
"ආශ් කොටා නැගිටිනවකෝ.මට වැඩ තියෙනවා ."
" මැරිලත් මේක පස්සෙන් එන හැටියක්.නිදහසේ මැරිලත් ඉන්න දෙන්නෙ නෑනේ මේ පොඩි එකා."
"මොකක් කිව්වා . "
" ආශ් මගෙ ඇගෙන් බහිනවා ජන්කුක්.මැරුනා වුනාට මටත් රිදෙනවා."
එකපාරටම ජිමින් මොකක්හරි දෙයක් මතක් වුනා වගේ තමන්ගෙ ඇග උඩ හිටිය ජන්කුක්වත් තල්ලුකරන්න නැගිට්ටා
" අනේ දෙයියනේ "
ජිමින් එහෙම කියන ගමන් ජන්කුක් දිහා බලද්දි ජන්කුක් හිටියෙ ෆුල් හොල්මන් වෙලා
" ඔයත් මැරුනද කුකී ? "
" ඈ. මොකක් ? "
"ඇයි දෙයියනේ මගෙ පොඩි එකාව ගෙන්න ගත්තෙ .මැරෙන්න තරම් වයසකුත් නෙමේ.මේකා වෙනුවට මගෙ පූස්ව ගෙනත් දෙන්න තිබ්බනේ.
ඔයාගෙ හ්‍යුන් නැති වුන දුකට සුසයිට් කරගත්‍තද රත්තරන් ."
ජිමින් ජන්කුක් දිහා බලගෙන එහෙම අහද්දි ජන්කුක් වැටුන තැනින් නැගිටලා පස්සත් අත ගගා කෑගැහුවා .
"ඔම්මා අප්පා ඉක්මනට එන්නකෝ.මෙය විකාර කියවනවා.ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියොත් හොදයි වගේ."
ජන්කුක් එහෙම කෑගහගෙන ජිමින් හිටියෙ රූම් එකෙන් එළියට යද්දි ජිමින් වටේ බල බල හිටියෙ .
" මැරුනත් මන් ඉන්නෙ මගෙ රූම් එකේද.ඒකත් මරු.ජන්කුක් මැරිලා කියන්නෙ ටෙයියත් මැරිලද දන්නෙ නෑ."
ජිමින් තමන්ගෙ ඔලුවත් කහ කහ එහෙම කල්පනා කරද්දි ජිමින් හිටියෙ රූම් එකට ආයෙ ජන්කුක් ආවෙ තමන්ගෙ ඔම්මයි අප්පයි එක්ක.
YOU ARE READING
🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔
Fanfiction"මන් මැරුනොත් ඔයා වෙන කෙනෙක්වනම් මැරි කරන්න එපා ප්‍රොෆෙසර් මින්.තනිකඩවම ඉන්න.මෙච්චර ඉක්මනට මැරෙන්න හිතුවෙ නෑ මම.කොහොමද අපි ළමයි හදන්නෙ " "ඔයා මොනාද මේ කියන්නෙ ජිමින් ."