පළමු කොටස

3.3K 268 24
                                    

එදා සෙනසුරාදා දවසක් නෙතු එක්ක බෙල්ලන්විල ගිහින් එනකොට පරණ යාලුවෙක් හම්‍බුනා ඌ එක්ක පාර්ක් එකේ පරණ දෙවල් ගැන වල්පල් ටිකකුත් කියවලා නෙතුට අයිස් එකකුත් අරන් දිලා පාර්ක් එකෙන් එන්න ආවේ අම්මා පැය බාගෙක විතර ඉදන් මන් ගෙදර එනකම් බලන් ඉන්න නිසා නෙතුගේ කර වටේ අතකුත් දාන් ආපු මගේ ඇගේ හැප්පුනේ දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නැති පොඩි බට්ටෙක් මොනා නැතාත් පොඩ්ඩා ලස්සනයි සුදුම සුදුයි ඇත්තටම ෆොරින් බබාලා පාරාදයි එයාටම ගැලපෙන ක්රෙල් ක්රෙල් කොන්ඩෙකුයි ලස්සනයි...

"ඒයි ලියෝ ඔච්චර වේගෙන් දුවන්න එපා"

ඒ කටහඩට මායි පොඩි බට්ටයි දෙන්නම ඉස්සරහා බැලුවා දෙවියනේ!! මගේ ඇස් අහකට ගන්න හිතුනෙම නෑ සුදුම සුදු කකුල් ලා රෝස පාටට හුරු තොල් ලා නිල් පාට ඇස් දුඹුරු පාටට හුරු කොන්ඩේ මෙච්චර ලස්සන කොල්ලො ලංකාවේ ඉන්නවද

"අනෙහ් ලියෝ ඔයාට තුවාලද කෝ බලන්න එන්න අයියා ගාවට"

එයා අර බටු ඇටෙව ලගට අරන් එහෙට මෙහෙට හරව හරව මොනාද මන්දා කියවනවා මට නම් මෙලො මගුලක් ඇහුනෙ නෑ මන් හිටියෙ වෙනමම සිහියක..

"මේ හලෝ
ඒයි මන් තමුන්ට කතා කරන්නෙ
තමුන්ගේ කන් ඇහෙන්නෙ නැද්ද"

නෙතු මගේ අත කෙනිත්තුව පාර තමා මන් පියවි සිහියට අවේ

"ආහ්"

"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නෙ...? anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ... බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද"

"ඇහ්?" මොනාද යකූ මේ කියවන්නේ😳😳 ලව් මොන ලව් ද 🤕

"එන්න ලියෝ අපි යන් තාත්තා බලන් ඉන්නවා ඇති" අර බට්ටාගේ අතින් අල්ල ගත්ත එයා මටත් ඔරවගෙන යන්න ගියා එයා නොපෙනි යනකම් බලන් හිටපු මන් සිහියට ආවේ නෙතු කෙනිත්තුව පාර...

අසම්මත පෙම [BL Story] Completed ✅ Where stories live. Discover now