11 කොටස

250 24 24
                                    

" ඔයාලා ළුෑනු වලින් දන්සලක් වගේ මොකක්හරි දෙන්නද යන්නෙ ළමයි ? "

හම්මට ⁣ළුෑනු කපලා වැඩියි වගේ. දැම් දීපන්කො උත්තර. මන් උත්තරයක් බලාපොරොත්තුවෙන් හරිම අසරණව ලිතිරුවා දිහා බලද්දි ⁣ඌ මම් දිහා බලන් හිටියෙ කපන්න කිව්වනම් දැන් උත්තරත් දීපන් කියන්න වගේ.

" අහ්ම්... මේකයි මමාආ හරිතඅහ්
ඔයා දන්නවනෙ හනේඒඒහ් අපේ පාරෙ කන්න නැතුව බල්ලො ගොඩාක් ඉන්නවා කියලා.

ඉතිම් අපි මේහ් ප්ලෑන් කරේ එයාලට කෑම වේලක් දෙන්න. "

මම් ලිතිරුවට ඔව් කියපන් කියන්න අතිම් අනිද්දි ඌත් අපෙ මමා දිහා බලලා මන් කියන එක අනුමත කරා. එහෙම තමාආහ් ඉම්නෝනිහ්.
හොඳ කොල්ලාහ්

" ළුෑනුද කන්න දෙන්න යන්නෙ ඉතින් ? "

" නෑහ් නෑහ්. හාල්මැස්සොත් දානවා හරිතහ්. අපි දැන් ළුෑනු කපලා ඉවරවෙලා හාල්මැස්සන්ගෙත් ඔළු කඩන්න හැදුවෙ. ඔව් නේද ? "

මම් ලිතිරුවා දිහා බලද්දි ඌ ආයෙමත් ඔව් කියන්න ඔළුව උඩටයි පහළටයි වැනුවා. නොදෝමකින් ඔළුබක්කා.

"කටවහම් ඉන්නෙ මොනාහරි කියපන්කො හනේඒහ් "

" මන් මොනා කියන්නද ? "

වැහි නැති හෙනම ගහපන් උඹට මට මේ කරන අපරාධ වලට. තිරිසනාආආහ්

" පුතා ඇවිත් ගොඩක් වෙලාද ? "

" නෑ ආන්ටි දැන් ටිකකට කලින් ආවෙ. දැන් යන්න ඕනි. "

" බල්ලන්ට කන්න⁣ දෙන්නැද්ද එතකොට දෙන්නා ? "

අපෙ මමා අහද්දි ලිතිරුවා මන් දිහා කන්න වගේ බලන් හිටියා. මන් අහිම්සකයි පුතේ.

" නෑහ් නෑහ් ඌ බල්ලන්ට කන්න දීලා යන්නෙ මමාආ. මමාටත් දෙන්නම් රහ බලන්න හරිත.

හාල්මැස්සො බැදුනුයි බතුයි හනෙව්ව් එයාලා ආසාවෙන් කයි නේත මමාආහ් "

" මගෙ කුස්සිය වනසන්නැතුව ඕනි එකක් කරගන්නකො දෙන්නත් එක්ක එහෙනම් "

අපෙ මමා ලිතිරුවගෙ කොන්ඩෙත් අවුල් කරලා හිනාවෙලා යන්න ගියාආ. එයාට කොහොමත් මට වඩා පිට ළමයි ලොකුයි. ගෙදර ඉඳම්ම මට වෙනස්කම්.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now