මම ඇහැරෙද්දි , අවුරුදු ගානකට පස්සෙ මම ආයෙත් සිහි නැති වෙලා ඉදල ඇහැරෙද්දි හිටියෙ hospital ඇඳක් උඩ.. මගෙ හ්‍යුන්ග් මට නැති උනදා වගේම.. ඒත් අද මට පේන දේ ටිකක් විශ්වාස කරන්න බැරි උනා.. මට ඉස්සරහින් අපේ ප්‍රසිද්ධ CEO මහත්තය.. ජිමින් හ්‍යුන්ග් නිල් සුදු ඉරි ඉරි ගෙදරට අදින පිජාමා එකක් විතටක් ඇදන් හිටගෙන doctor කෙනෙක් එක්ක රන්ඩු වෙනව.. ඒ කට නම් දැනට අවුරුදු ගානකට කලින් වගේමයි..
"ඒ උනාට ලෙඩක් නැත්නම් nosebleed උනේ කොහොමද ? " ජිමින් හ්‍යුන්ග් කෑගැහුව..
" මෙහෙමයි සර්.. මෙයා ගොඩක් කාලයක් මානසික ප්‍රශ්නයක් නිසා දුක් විදපු කෙනෙක්.. ඒ හින්ද ඒක කොහොමත් සාමාන්‍යයි මිස්ටර් පාර්ක්.. සාමාන්‍ය මනුස්සයෙක් ට උනත් එකපාරටම අධික කම්පනයකදි nosebleed වෙන්න පුළුවන්... " Doctor පැහැදිලි කළා..
මට සිහි නැති වෙන්න කලින් අන්තිමට දැක්ක කෙනාව මතක් උනු මම ඉක්මනට නැගිටින්න හැදුව.. ඇත්තටම ඒ එයා නම් ආයෙත් මගෙ ඔලුව විකාර වෙලා පෙනුන දෙයක් නෙවේ නම්.. ඒ ආවෙ ඇත්තටම මගේ හ්‍යුන්ග් නම්..
" ඒයි.. tae ඔයා නැගිට්ට ද ? දැන් අමාරුවක් නෑ නේද? ජිමින් හ්‍යුන්ග් දුවගෙන ඇවිත් ඇදෙන් වාඩි වෙලා ඇහුව.. ඒ අතරෙ මම දැක්ක එයාගෙ කට වටෙත් මොනවද ගෑවිලා.. අල්ලල බැලුවම ඒව toothpaste ??
" ආය්...ශ්.. toothpaste නේද? ලැජ්ජාවෙ බෑ.. බලන්න tae අපේ ha eun office එකෙන් trip එකක් ගිහින් මින්හෝව ( එයාලගෙ බබා ) මට බාර දීල.. එයා හරිම දගයිනෙ tae.. දෙයියනේ මගෙ පැටිය ලොකු උනාම අනිවාරෙන් හුසේන් බෝල්ට් පරද්දන්න පුළුවන් වේගෙන් දුවයි.. එයා පස්සෙන් දුව දුව ඉදල දවස් තුනකින් මට හරියට නින්දක් නෑ.. පස්සෙ එයාලෑ ආත්තම්ම ආව එයාව බලාගන්න.. වෙලාව අවේලාව කියල නොබල මේ හවසම දත් මැදල ටිකක් නිදා ගන්න තමයි මම හැදුවෙ.. එතකොට ම ඔයා hospital admit කළා කියල call එක ආව.. මට ඉන්නෙ කොහෙද කියල අමතක වෙලා මේ දුවන් ආවම තව පොඩ්ඩෙන් මගෙ මින්හෝට තාත්තෙක් නැති වෙනව.. මම පිස්සෙක් වගේ දුවන් එද්දි ජන්ග්කුක් අඩ අඩ ඔයාගෙ ඇඳ ළග වාඩි වෙලා හිටියනෙ.. මට ඇත්තටම ජීවිතේ පළවෙනි පාරට heartache වගේ ආව tae ඇත්තමයි.. යාන්තන් පුටුවක් අල්ලන් වාරු වෙලා නොවැටි බේරුනා.. ඔයා නැගිට්ටම ආයෙ ශොක් වේවි කියල doctors ල කුකීට එළියෙන් ඉන්න කිව්ව.. යන්න බෑම කීව.. බලෙන්ම වගේ පැන්නුව ඒත්.. එයා ඉන්නව tae.. ඔයා විශ්වාස කළා වගේම එයා සම්පූර්ණයෙන් හොඳටම හොඳින් ඉන්නව.. මම එයා එක්ක ගොඩක් කතා කළා.. මගෙ අහිංසක ජන්ග්කුක් කොල්ල හොඳින්.. එයාට අනතුර හින්ද මතකෙ නැති වෙලා ගොඩක් කල් ඉදල tae.. "
YOU ARE READING
꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff ✅Completed ✅
Fantasyමේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක් නැති නිසා... මුලින් boring සාමාන්‍ය තාලෙ කතාවක් වගේ දැනෙයි.. සමහර දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල හිතෙය...