--------------------------------------------------------
මූණ හොඳටම රතු වෙලා නොසන්සුන් වෙලා බිම බලාගෙන තොළ නොපිට පෙරළන් හිටපු tae ළගින් ඇදේ මම ගිහින් වාඩි උනා.. මම එයාගෙ නිකටෙන් උස්සල ඔලුව ඉස්සුවත් ඇහිපිල්ලම් වේගෙන් ගහන ගමන් එයා තවත් ඇස් බිමට හරවන් හිටිය.
" ඊයෙ වෙච්චි දේට මම ඔයාගෙන් සමාවක් ඉල්ලන්න ඕනෙද tae? " මම එයාගෙ මූණට ළංවෙලා ඇහුවම නම් tae ගැස්සිලා එකපාරටම මගෙ මූණ දිහා බලන් නෑ කියන්න හයියෙන් ඔලුව දෙපැත්තට වැනුව.. එහෙනම් එච්චරයි.. එයාට ඒක ගැන පසුතැවීමක් නැත්නම් එච්චරයි..
" හ්ම්... ඔයාට තාම වයස අවුරුදු විස්සක්වත් නෑ.. ම.. මම ඒක දන්නව. ඒත් ඒක සමාව ගත්තට වැඩක් නැති තරම් ලොකු වැරැද්දක් කියලත් දන්නව උනත් , මටත් ඔයාගෙන් සමාව ගන්න බෑ Tae.. මට ඒ තරම්ම ඔයාව මතක් උනා.. මේ මුළු ගෙවුණු කාලෙටම.. " මට ආයෙත් එයාගෙ උණුසුම ඕනෙ උන හින්ද තදින් එයාව වැළඳගන්න ගමන් මිමිණුව..
" ස..සමාව ගන්න ඕනෙ නෑ හ්‍යුන්ග්.. " නොහිතපු විදිහට tae ත් එයාගෙ අත් තදට මගෙ වටේ ඔතාගෙන තවත් මට තුරුළ් වෙන ගමන් කිව්වම මට දැනුනෙ ඇඩෙන්න තරම් සතුටක්.. එයා ආයෙත් ඉස්සර වගේම මට ආදරෙයි.. ඊටත් වඩා මට වටින්නෙ එයා මාව විශ්වාස කරනව..
"හ්‍යුන්ග් ද දැන් වෙලාව කීයද? දෙයියනේ ම.. මං උදේ 11 ත් පහු වෙනකන් නිදාගෙනද? " එකපාරටම Tae මගෙ තුරුළෙන් අයින් වෙලා මගෙ අත් ඔරලෝසුව එයාගෙ පැත්තට හරෝගන්න දගලන ගමන් ඇහුවෙ පුදුමෙන්..
( chapter 08 , 19 ඔන්න ඕකයි කුකී බිත්ති ඔරලෝසු ටික ගැලෙව්වෙ.. Tae වෙලාව දැක්ක ගමන් වැඩ ගොඩක් තියන මනුස්සයෙක් වගේ යැයි යැයි ගාන හින්ද.. 🥲💔)
කොහොම හරි sleeping tablets , painkiller ගැන කිව්වම එයා සන්සුන් උනා. ඒත් එයාට කීයටවත් තනියම නැගිටල එහෙමෙහෙ යන්න බෑ කියල එයා කකුල් ඈත් කරන් ඇදේ බාගෙට ඉදගෙන ඉන්න විදිහෙන්ම පෙනුන.. පව් මගෙ අහිංසකය.. ඒත් රිදෙනව ද අහල එයාට තව ලැජ්ජ කරන්න බෑ..
YOU ARE READING
꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff ✅Completed ✅
Fantasyමේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක් නැති නිසා... මුලින් boring සාමාන්‍ය තාලෙ කතාවක් වගේ දැනෙයි.. සමහර දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල හිතෙය...