25.) කොටස 🌸

372 49 10
                                    

වීනස් දෙව්දුව කරපු දේ එක අතකින් එයාගෙ සැමියට වංචාවක් උනත්, හැගීමක් නැති තැන බලෙන් බන්දපු බැදීමක් ලග වීනසුත් අසරණ වෙන්න ඇති... ඒ හින්ද වෙන්න ඇති ඇඩෝනිස් දක්ක ගමන්ම වීනස්ගේ අකීකරු හිත මොහොතකට නැවතෙන්න ඇත්තේ...
ඉතින් වීනස් හරිද වැරදිද කියන දේ සමාජේ තීරනේ කරද්දි , මන් වීනස්ට ස්තුති කරනවා...
ආදරේ නාමෙන් රතු රෝස මලට පණ දුන්නට

ජීවීතේ වෙන්නේ අපි නොහිතන දේවල්... අහඹු සිදුවීම් එක්ක , ජීවීතේ ගලාගෙන යද්දි කරදර එන්නේ නොදැනුවත්වමයි... ඒ වගේ
අද මට වෙලා තියෙන දේ හීනෙකින්වත් නොහිතපු දෙයක් වෙද්දි මේ දවස් ගානම මගෙ ලගින් මගෙ හයියට එයා නොහිටියා නම් මන් මේ වෙද්දි මානසික රෝහලක ඇදක් උඩ,අබ්බගාතයෙක් වෙලා...

.

.

.

මොකද කල්පනාව...ම්ම්...?

එයා හරි අසරණ  වෙන්න ඇති නේද අභි...

කව්ද... ?

වීනස්...

ම්ම්... ආදරේ ගාවදි කවුරුත් අසරණයි මැණික... දැනුනු තැන නවතින්න ඕනෙ කිව්වට සමහරුන්ට දැනුනු තැන හම්බුනේම ගොඩක් පරක්කු වෙලා... එහෙම වෙලාවට උන් හරි අසරණයි බන්...

......................

මගෙ වස්තුව...

ම්ම්....

මේ පැත්ත හැරෙනවද...

ඇයි අභි....

පලවෙනි වතාවට එකම එක දෙයක් මට දෙන්න පුළුවන් ද....

මොකක්ද...

මගෙ පලවෙනි හාදුව...

.........පලවෙනි හාදුව???

ම්ම්ම්... පලවෙනි හාදුව... මට ඒක ඔයාගෙන්ම ඕනෙ... දෙනවද....ම්ම්....

.

.

.

ඒ ඇස් අකීකරු වෙලා... මට එයා දිහා බලන්න කිව්ව අභීගේ ඇස් මගෙ තොල් අතර එහා මෙහා වෙනවා මන් හොදටම දැක්ක... එයා එයගෙ පලවෙනි හාදුව ඉල්ලනවා...ඒකත් මගෙන් ඕනෙලු.... කොච්චර පාලනේ කරගන්න හැදුවත් එයා ගාව මන් අසරනයි.. ඒ වචන වලට මන් අසරන වෙද්දි,  මන්ද, එයාගෙ ඉල්ලීම එක්ක මන් හිර උනා.... අවසානෙදි මාත් නොදැනුවත්වම මන් උත්තරේ දීල තිබ්බා....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now