34.) කොටස 🌸

299 52 11
                                    

අම්මා, අප්පච්චි වෙත,

මන් දන්නවා මේක ඔයාල කියවනවා කියන්නේ ඒ වෙද්දි මන් ගිහින් කියන එක... මගෙ රත්තරං අම්මේ, අප්පච්චි අනේ කලබල  වෙන්න එපා... මන් හොදින්...  මන් ඉක්මනටම ආපහු එන්නම් හොදද , ඒ හින්ද කලබල වෙලා පොලිසි ගානෙයි, මිනිස්සු අව්ස්සන්නයි යන්න එපා... මේක මගේ ඉල්ලීමක් .. ප්ලීස් ඒක මන් වෙනුවෙන් කරන්න...ඔයාලට මන් කියන්නේ එච්චරයි...

අදීල් අයියා මාව හොයන් ආවොත් මන් නෑදෑ ගෙදරක ගිහින් කියන්න...එයාට හොදට කාල බීල සතුටින් ඉන්න කියන්න... එයාගෙ අලුත් ජීවීතේට මන් සුභ පැතුවා කියන්න.... මන් තරහ නෑ කියන්න.... ඒ වගේම  එයාට කියන්න පුළුවන් ද මන් වෙනුවෙන් කරපු හැමදේටම ස්තුතී... ඒ වගේම සමාවෙන්න කිව්වා කියල....සමහරවිට මන් මෙහෙම කිව්වට එයා එන්නැති වෙයි ආයෙ කවදාවත්ම... ඒකට කමක් නෑ...ආවොත් කියන්න, මන් ගැන් හොයන්න එපා කියල....

අප්පච්චි මන් දන්නවා ඔයා ශක්තිමත් කෙනෙක් කියල,ඒ හින්ද අම්මව බලාගන්න, එයාට අසනීප වෙන්න තියන්න එපා...

සමාවෙන්න ඔයාලව ඇඩෙව්වට... ඒත් මට වෙන තේරීමක් තිබ්බෙ නෑ... ඔයාලට තවත් දුක් දෙන්න මට බෑ...

මන් ටික කාලෙකට ඔයාලගෙන් ඈත් වෙනවා විතරයි , මන් පුළුවන් ඉක්මනට ආපහු එන්නම්... ඕනෙම දෙයක් දරාගන්න පුරුදු වෙන්න...මන් ඔයාලට ආදරෙයි හැමදාටම... පරිස්සමෙන් ඉන්න...

මීට සුදුපුතා...

අනේ මගෙ රත්තරං පුතේ, උබ මොකක්ද මේ කලෙ... ඇයි මේ අම්මටවත් අඩුම කිව්වෙ නැත්තෙ... මොකක්ද පුතේ උබට ඔච්චරටම අපෙන් ඈත් වෙන්න තිබ්බ හේතුව.... ඇයි පුතේ මේ.....

මැණිකෙ  නාඩ ඉන්න, දරුවා කිව්වනෙ ඉක්මනටම ආපහු එනවා කියල... පුතාට එහෙම කරන්න මොකක්ම හරි හේතුවක් තියෙන්න ඇතිනේ ... අපි බලමු, මේ ටික දවස ඉවසමු මැනිකෙ... අපෙ මැනිකේ නාඩ ඉන්නකෝ.. අසනීප උනොත් දරුවා මට දොස් තියයි අම්මව බලාගත්තෙ නෑ කියල... ඒ හින්ද නාඩ ඉන්න....

අප්පච්චි අම්මගෙ ඔලුව අත ගගා නාඩ ඉන්න කියනවා... කොච්චර ශක්තිමත් ව ඉන්න හැදුවත් මන් බලාගෙන අප්පච්චි ගේ ඇස් වලින් කදුලු වැක්කෙරනව....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now